19 වන කොටස⛵

1.8K 424 73
                                    

එයා ඵෝන් එක කනේ ගහන් එක අතකින්  ගෙනාව බඩු උස්සන් එනකොට මම ඉගුරු  කෑල්ල තැලුවා.....එයාට ඉල්ලුවෙ ප්ලේන් ටි....ඇයිද කියන්න දන්නෙ නෑ එයා කිරිපිටි වලට එහෙම්ම පැන්නුවෙ නෑ...ඒයා ඇවිත් තේ දෙයියෙක්....තේ...තේ...තේ....

මම තේ එක කූරු නොගා පැත්තකින් තිබ්බා...හැන්දෙන් කූරු ගානකොට නිවෙනවා....එයාටා ගිහින් දෙන්නත් බෑ...ලෝදිය වගේ රස්නෙයි....ඒ උනාට ඔන්න ඔහේ කමක් නෑ ...ටිකක් කූරු ගාලා ගිහින් දෙනවා හැන්ද පිටිම්ම...

.වට දෙක තුනක් කූරු ගාපු මම එයාගෙ ගාවට ගිහින් තේ එක දෙනකොට එයා මා දිහා ඇස් කොනෙන් බලලා කතාවට කන් දෙනකොට මම ආයම කුසියට ආවා...

මේ පාරත් ඔයාගෙ අප්පච්චි අපි දෙන්නව දාලා ඉක්මනට යාවි ....එහෙම උනොත්....අප්පච්චි ආයම එනකොට සුදු පුතාට මාස හයයි.....නේ....

මම එයා  එක්ක කතා කෙරුවා.....එයා ඊලග පාර එනකොට මගෙ බඩ මේ වගේ දෙකක් වෙයි...බඩ නිසා කකුල් පේන්නෙත් නැති වේවි.... ඒ අස්සෙන් චුට්ටක් කසනවත් එක්ක.......ඉන දෙපැත්තෙන් වගේම එහෙන් මෙහෙන් කසනකොට මම  කැසුවා....අම්මෙ...සනීපයි....කසනවට වඩා ඒක මහ අමුතුයි....මොනවද වදිනවා වගේ... .

මට හදාගත්තු නික තේ එකෙන් උගුරක් බීපු මම එයා අරන් තියන බඩු මල්ලට බෙල්ල දැම්මා...නෙස්ටමෝල්ට්...ම්ම්ම්ම් ඔක්කොටම වඩා නෙස්ටමෝල්ට් කනකොට රසයි...මේ...උම්මල කඩ.....බඩු වලට බෙල්ල දාන එක පැත්තට දාපු මම උම්මලකඩ කුට්ටියට යකඩ අත් මෝල් ගහෙන් එකක් ගහලා රෝස පාට වෙච්ච පතුරක් දත්වලින් හැපුවා...උයනවට වඩා රසයිනෙ....ම්ම්ම්....ම්ම්ම්....

හරි...ආය මොනවද... ආපො...එයා ආයම අර ක්‍රීම් නැති බනිස් අරන්   බිස්කට්  ..හාල්....පරිප්පු...සීනි......ඒ මෙව් තියෙන්නෙ මුරුක්කු වැල....දැන් ඒ පාර මට මෙතනින් ආසම කෑම එක හොයා ගන්න බැරි වෙනකොට මම හාල් උරෙනුත් ඇට දෙක තුනක් කටේදාගත්තා.....උම්ම්ලකඩත් කෑවා....දැන්.....එක්කො නෙස්ට මෝල්ට් කෑවා නම් හරි....

එයා එනවද කියල එබිකම් කරපු මම නෙස්ටමෝල්ට් පෙට්ටිය කඩලා උරෙත් පිහියෙන් ඉරලා ඉව කෙරුවා...සුවදයි ...
හැන්දක් ගහපු මම නෙස්ටමෝල්ට් හැන්දක්ම කටේ ඔබා ගත්තා ..නෙස්ටමෝල්ට් තලිය උඩ තල්ලෙ ඇලෙනකොට  මම දිවෙන් ඇලුන ටික රසකරන්න ගත්තා ....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now