13වන කොටස⛵

1.7K 424 173
                                    

මම ඇස් දෙකෙ කදුලු පුරවන් බලන් උන්නා....තනි දුඹුරු පාට දුම් වලල්ලක් උඩට නගිනකොට මම මගෙම කම්මුලට රත් වෙන්න පාරක් දෙකක් නෙවෙ තුන හතරක්ම ගහගත්තා ...මමයි...වැරද්ද කෙරුවෙ...මමයි එයාගෙ මරනෙට වග කියන්න ඕනෙ....මම එතන උන්නෙ නැති නම් ඒ දරුවා යන්න යනවා....මම  එතන උන්නෙ නැති නම් එලුවො පිට නොයා ගෙදර යනවා...මම නුසා නේද ...මම නිසා...අනේ මම නිසා...

ගෙදර යන්න හැරුන මම ආයම හැරිලා එතනට දුවන්න ගත්තා ...ඒ වෙනකොට පාරෙ ගියපු ආර්මි ට්‍රක් එක නවත්තලා ඉතුරු වෙච්ච එලුවන්ව මහ පාරට එලෙව්වා...එතන මග ඇරුන බිම්බෝම්බයක් තිබිලද...අනේ....ඒතන ගහලා තියනවානෙ ඇතුල් වෙන්න එපා කියලා...ඇයි දරුවො උඹට මම කියන දේ නොතේරුනෙ....ඇයි රත්තරන් ...

හමුදාවෙ අය හිටපු නිසා මට යන්න බැරි වෙනකොට මම පාරෙ ඉදන් කදුලු හලනකොට මට එතනවත් ඉන්න නොදි මාව අනිත්.පැත්ත එලෙව්වා ....

දරුවෙක් කුසේ තියන් මම තව කෙනෙක්ගෙ දරුවෙක් මැරුවා කියන හැගීම මට දැනෙනකොට ඇස් වලින් වැටෙන කදුලක් ගානෙම මම මටම ගහගත්තා ....

අනෙ රත්තරන් මේ කරදර අස්සෙ උඹත් බඩට ආවෙ ඇයි...

මට කරකියා ගන්න දෙයක් නැතිව ගෙයි මිදුලෙ තල් ගහ ගාව බිම ඉදගන මම එයාගෙ දරුවට දුක කිව්වා...වෙන අය සතුටු වේවි....ඒත්...ඉන්නෙ ගිනිගොඩක් මැද දැන දැන මම කොහොමද සතුටින් ඉන්නෙ...මම එයාට පොරොන්දු උනා අම්මා ආයම අඩන් නෑ කියලා...මම එයාටත් රිදවනවා...අනේ අර නොදරුවගෙ ගෙදරින්  ළමයා එනකන් බලන් ඇති දෙයියනෙ.......දූවිලි පිරුන මුනෙ තිබුන අහිසංක හිනාව මගෙ ඇස් පනා පිට මැවෙනකොට මම කෑගහලා ඇඩුවා ..මම අම්මෙක් වෙලත් තවත් අම්මෙක්ට දුකක් දුන්නා නේද හිතලා මම ඇඩුවා....

මට අඩන්න කදුලු නෑ...යුද ගින්දර වගේ හිතේ ගින්දර අහස උසට නගින කොට එයා දීපු අමු කිරි එක මට ආයම වමනෙ ගියා.....බීපු හැම කිරි බිදක් නෑරම එලියට යනකොට  උගුරෙන් පහලට ගියපු කිරි එක දිරවන්නත් කලිම්ම ඒ දරුවා යන්න ගියා....අතක් පයක් ඇහැක් කටක් මූනක් හොයන්න බැරි වෙන්න හුස්මක් ඉහලට අරන් පහලට දාන පමාවට ඒ නොදරුවව කුඩුපට්ටම් වෙලා ගියා...මම එයාට කිව්වා එයාට පොරොන්දු උනා මේ හැමදේම ඉවර උනදවසක එයාට ආයම ඉස්කෝලෙ යන්න පුලුවන් වේවි කියලා...ඒත් රත්තරන් උඹ ඒ දවස නොදැකම යන්න ගියා....උඹේ අම්මා අප්පා බලන් ඇති...අප්පෙකුත් නැතිව උඹ විතරක් නම් ඒ අම්මට ඉන්නෙ...ගෙදර ඉන්න එකම දරුවා උඹ විතරක්ම නම් මගෙ දරුවට සාප වදීවි රත්තරනේ.....මගෙ නොදරුවටත් සාප වදීවි....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now