38extra chapter

2.2K 402 125
                                    

අද ඉරිදා.....
හෙට සදුදා....
ඉස්කෝලේ ....පලවෙනිදා....
කැලැන්ඩරෙ පෙරලි පෙරලි අපිට කියනවා .....

මං උන්නෙ දෙකවසර පන්තියෙ අවසානම පිරීයඩ් එකේ වෙනකොට නන්දා මාලනියගෙ සිංදුවට පොඩි උන් තාල අල්ලන්න අත්පුඩි ගැහුවා....

එතනින් පස්සෙ සුරතල් පොඩි හාවා මහ රෑටත් කියනකොට  ගෙදර යන්න බලන් ඉන්න පොඩි උන්ගෙන්  සමහර්ක්ට ඈනුම් යනකොට  මට මගෙ පුංචි එකාව මතක් උනා....ආච්චිගෙයි සීයගෙයි පන....ලොකු අම්මගෙයි ලොකු තාත්තගෙයි පන...එයාගෙ හැම දේම උන මගෙ දරුවා  දවල් වරුවම එයාගෙ ගෙදර ....

බාගෙට හදපු ගෙදරක හැමදාමත් ඉන්නෙ කොහොමද .....??අනික එයාගෙ පඩියෙන් විතරක්  අපි ඉන්නෙ කොහොමද .... චුට්ට බැරි වෙනකොට තරහ යන එයාගෙ වේදනාව තවදුරටත් එයාටම විතරක්  උහුලන්න දෙන්නෙ කොහොමද .....

තව දුරටත්  ඉස්සර වගේ එයාගෙ බබා වෙවි හුරතල්  වෙන්න බැරි වෙනකොට  මගෙ දරුවා එයාගෙ අම්මලා ගාව දාලා පුදුමාකාර අමාරුවකින් ගමේ ප්‍රාතමිකෙටම මං මාරුව හදා ගත්තා ....ගේ ගාව ඉදන් ඉස්කෝලෙට තිබුනෙ බස් හෝල්ට්  තුන හතරක දුර වෙනකොට  උදේට පයින් ගියපු මම දවල්ට බස් එකේ ආවා...දරුවා ලැබුනත් එක්කම පස්සෙන් පහු වෙනකොට  මාව ටිකක් මහත් වේගන ආව නිසාම මං හැමදාම  උදේට පයින් යනකොට  පොඩි එකා කවදාවත්  එයාව වත් මාවවත් උදේට දකින් නෑ....උදේට  නැකිටලා වරූවක් මම් .මම්..මම් ගගා අඩන එයා අවසානෙදි  ආච්චි  අම්මට හුරු වෙනවා ...

මොනවා  කරන්නද ...මං ගෙදර නවතින්නද .....එයාට ලොකූ ලොකු බයික් පදින්න බැරි එකේ  ආයම ස්කූටර් එකක් ගන්නකොට  කොටි උස්සපු මගෙ බයික් එක මතක්  වෙලා මගෙ ඇස් වලට කදුලු ඉනුවා ...

උන් අපේ හැමදේම  උදුර ගත්තා ......ඒ විතරක්  නෙවෙ  මගෙ දරුවා  පොඩි සද්දෙට පවා බය උනා ....ඒ දේවල්  වල ප්‍රතිපල එන්නෙ පස්සට  වෙනකොට අම්මෙක් විදිහට මං අසරන උනා....

එයා නිදි ඇති.....කෑවද  දන්නෙත් නෑ...සෙරිලැක් එකක් සමපෝශ  ගුලියක්  එක්ක මගෙ කිරි බිංදුවකින් බඩ පුරවගන්න එයා බත් ඇටයක් කටේ තිබ්බෙ නෑ...කවන්න ගියහම මට රටේම ඉන්න සත්තු මදිවෙනවා මේ කාගෙ බිත්‍තරේද කියන්න....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now