31වන කොටස⛵

1.4K 396 88
                                    

මං කල්පනා කරන්නෙ මොනවද ...මොනවා ගැනද කවුරු  ගැනද වටේ පිටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියන්න මට නිච්චියක් නැති  උනා..ඉදලා හිටලා අමතක වෙලා පෑරෙන  යටි බඩෙ තුවාලෙ එක්ක මට, මට ඉතුරු වෙලා ඉන්න එකම වස්තුව  මතක් කරනකොට  ආයම මාව වත්...එයාව වත් රකින්න කෙනෙක් නෑ කියන එක දැනුනම...මන්දා මට ඒ හැගීම් වචන කරන්න මේ ලෝකෙ භාශාවක් නැති උනා....ඒ තරම්  වේදනාත්මකයි.....ඒ තරම්  පපුව පාරවනවා....

ආය මගෙ දරුවට අප්පච්චි කියලා  කතා කරන්න එයා නෑ....අම්මා අප්පච්චි දෙන්නගෙම චරිතෙ වෙන්න වෙන්නෙ මට කියන එක මතක් වෙනකොට  මං වගෙ අසරන උන තව කොයිතරම්  නම් රණවිරු බිරින්දෑවරු මේ දුක උහුලනවා ඇතිද ....

වෙලාවකට දෙවියො පව අසාදාරනයි ....දෙවියන්ට බැරි උනා ගෑනුන්ගෙ පිරුනු පයෝධර වලට කලින් ඇතුලෙ ගාහෙන ලය පෙන්නන්න .....දෙවියන්ට බැරි උනා පිරිමින්ගෙ හැඩිදැඩි  පපුවට  කලින් පන ගහන හදවත  පෙන්නන්න....එහෙම  නම්....ලැමට කලින් පේන ලයෙ ගින්දර හැමෝම දකිනවා....එහෙම  උනා නම්...හැඩි දැඩි පපුව අස්සෙ තියන ගැහෙන හදවත  පෙන්නන්න එහෙම  උනා නම්....ජීවිතෙ පටන් ගන්න කලින් මං වැන්දඹු වෙන්නෙ නෑ.....ඉපදිලා පලවෙනි  හුස්ම අල්ලන්න කලින් මගෙ  නොදරුවා අනාත වෙන්නෙ නෑ....අද හෙටම අප්පච්චි කෙනෙක් වෙන බව දැන දැන මගෙ අයියට මහපොලවට  පස් වෙන්න වෙන්නෙ නැ....

මට තේරෙන්නෙ නෑ දෙවියන්ට බනින්නද ...මං මටම බැනගන්නද.....එහෙම නැති නම්....කාට බනින්නද කියලා ....

මගෙ අප්පච්චි උඹ නිදාගත්තෙ සදහටම මගෙ නින්ද නැති කරලා  අප්පච්චි .....අනෙ උඹ මොන තරම්  අසරන වෙන්න ඇතිද මගෙ අයියෙ......උඹගෙ බලාපොරොත්තු  ඇස් පනාපිට මහමුහුදෙ පතුලට යනකොට  උඹට මොනවා දැනෙන්න ඇතිද......මං හිතන්නෙ....අපි දෙන්නම ජීවිතෙ පටන් ගත්තෙ වැරදි නැකතක වෙන්න ඇති...උඹ  ජීවිතේ හොදම තැන් වලදි මාව අතෑරියා ...අතෑරියෙ නෑ මගෙ අයියෙ උඹට මාව අතෑරුනා ......

ඇද විට්ටමට මං ඔලුව හේත්තු කරගන ඔහේ බලන් උන්නා.....බෙඩ් ජැකට් ඇදගත්තු අම්මලා  චිත්ත  රෙදි ඇදන් තවමත් කොන්දට  අත තියන් ඉන්නකොට    සිසේරියන්  සැත්කමට වඩා සාමාන්‍ය ප්‍රසූතිය වේදනාවක් කියලා  හිතුනා .....සමහර අයගෙ බබාලා ඇදන් උඩ වෙනකොට  සමහර අයෙගෙ බබාලා ඇදගාව තිබුන තිටිල්ලෙ වෙද්දි ඒ හැම අම්මෙක්ගෙම ප්‍රාර්තනාව  ඉශ්ට වෙලා තිබුනා ....ඒ වෙන මොකුත් නෙවෙ තමන්ගෙ මහත්තයා  වගේම  දරුවෙක් ....වෙනකොට  ඒ අම්මලගෙ මූනවල් ආඩම්බරෙන් පිරිලා තියනවා මං ඈතට දැක්කා ....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now