37extra chapter

2.1K 420 82
                                    

සන්වන් පාටයි සමනනයා .......සෝස..මලෙ......පැනි...බීලා....කෝ සුදුපුතා ආ ගාන්නකො.....අර බලන්න...අර...සමනනයෙක් නේ....අපි දන්නෙ නෑ සුදු පුතාගෙ බයි එක සමනනයා අරන් ගියොත් ....

අතින් පොඩි කරපු චූටි බත් ගුලිය කවා ගන්න මම ගේ වටේ දැන් හැට පැයක් ඇවිද්දා....මම එයා...අපි දෙන්නගෙ වස්තුව.....අපි තුන්දෙනා උන්නෙ අපේම ගෙදර ...එකම එක කාමරයයි කුසියයි බාතෲම් එකයි සාල කෑල්ලයි විතරක් යන්තම් හදා ගත්තු තවමත් සම්පූර්න  නොවුන ගෙදරට පදිංචියට ඇවිත් යන්තන් සති දෙකක් පහු උනා විතරමද මන්දා.....

වෙලාව එකොලහට ඇති....මම ලමයව අරන් වටේ යන ගමන් ලිපේ ඉදෙන හොද්දෙ ගින්දර සැර අඩු කරලා ආයම ලමයට බොරුවක් කිය කිය කවන්න හැදුවා....

..සුදු පුතා ආ ගාන්නකො.....අප්පච්චි දැන් එනවත් ඇති අම්මි උයන්නත් ඕනෙ....රෙදි ලෝඩ් එකක් තියනවා ගේ පිස්සන් කොටුව වගේ කාලා දොයියන්නකො ....ඔයා කුක්කු බොන්න නම් ලෑස්ති වෙන්න එපා කෝ ආ ගාන්න...අපි දන්නේ නෑ ආ බිල්ලෙක් ඇවිත් අල්ලන් යයි.....ආ...ඔන්න...ඔන්න..බිල්ලො මෙන්න මේ ළමයා....බයි කන්නෙ  ......නැතෝ.....

මං එයාව චුට්ටක් බය කරන ගමන් අනලා  තිබුන ඇහැට පේන්නෙ නැති බත් ගුලිය ලන් කෙරුවා වගේම  කට තදකරන්  අහක බලපු එයා අඩන්න කට හැදුවා ...

සුදුපුතා ...මොනවද ඔයාට ඕනෙ අනෙ ඔයා බයි කන්නෙත් නෑ....ආ...හරි හරි.....අනෙ අඩන්න නම් එපා....අඩන්න එපා අප්පා......බයි ඇති නම් හා....එක කටයි කෑවෙ ....අඩනවම තමා අප්පා වැඩෙ....දැන් අප්පච්චි ආවම මටත් බනී...

එයා කන්න කොහොමත් කට අරින්නෙ නැති නිසා ලිපේ ගින්දර තවත් අඩූ කරපු මං අතත් හෝදන් කොල්ලව අරන් ඇදට ගියා පැම්පර්ස්  එකක් විතරක්  ඇදන් කොන්ඩ කුරුල්ලෙකුත් බැදන් උන්න එයා බොරූවට  අඩලා ඒ පාර අත කටේ දාගත්තා  වගේම  මං එයා ගාවින් නිදා ගත්තා  විතරයි  කට හදන් මගෙ පැත්තට හැරුනා ...එයා දන්නවා මේ කොල්ලට තියෙන්නෙ එසේ මෙසේ මායමක් නෙවෙ

ඔයා හැමදාම කුක්කු බිබී ඉන්න ..අපි   දන්නෙ නෑ බයි නොකා උන්නොත් ඔහොම තමා ඉන්න වෙන්නෙ ...

මගෙ පපුවට   අතකුත් තියන් කිරි උරන එයා එක්ක මම කතා කෙරුවා...චූටි ඇස් දෙක කදුලු වලින් දිලිසනකොට එයා බනින්න එපා කියන්නද කොහෙද මගෙ කටට අත තිබ්බා...

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now