39 extra chapter

2.1K 417 73
                                    

ම්ම්මි...යා...පප්...පප්..ඒ....මම්...

කෝ කොහෙද  ඉන්නෙ මම්මියා...සුදු පුතාගෙ මම්මියා කෝ......

මම්..මම්...

ඩොක්ටර්  ගාවට  ගිහින් ආව වෙලේ ඉදන්  මට ඇදෙන් වත් බහින්නවත් ඉඩක් නොදුන්න එයා අද ගේ පුරාවටම  ඇවිද  ඇවිද දරුවට බත් කවන එයා දිහා මන් ජනේලෙන් බලන් උන්නා...

මං ආයමත් අම්මා කෙනෙක් වෙන්න....නෑ...මම්මියෙක් වෙන්න...එයාගෙ සතුට  ඇස්වලින් කදුලු විදිහට එලියට  එනකොට  කිරිවලින්  බර උන පපුවට ඇතුලෙන් තිබුන මගෙ හදවත  ආයමත් දරු සෙනෙහසෙන් පිරුනා.....එයාට මාසයක්ලු......

ඒත් මගෙ පුංචි එකා....අනෙ තවම කිරි බොනවනෙ.....

එයා අඩනවා .....එයා අඩනකොට මගෙ හදවතම ඇදුම් කනවා .....මට තිබුනා පරිස්සම් වෙන්න.....අඩු මාසෙන් ඉපදුන නිසාම එයා වයසට වඩා හරිම පුංචි වෙනකොට  මට ඇත්තටම පරිස්සම් නොවුනෙ ඇයි කියන එක සියදහස් වාරයක් ඔලුවට  ආවත් මෙවෙලාවෙ එයාගෙ හිතේ සතුට මරන්න බැරි කමට මං ඒ ඔක්කොම නිහඩවම ඉවසුවා ...

මම්....මම්....

ආ...හරි....හරී...කෝ..මේ....ආ ගාන්න...අනේ...ඉතින්...අප්පච්චි ගෙ හොද පුතානෙ.....කුක්කු බීලා කොහොමද .....බයි නොකෑවොත් හැමදාම චූටියට ඉන්න වෙයි.......

එහා මෙහා යන ගමන් චූටිම චූටි බත් ගුලිය කටට දැම්මත් එයා ආයම එලියට  දාලා මම් මම් ගානකොට  මට ඉවසන්න අමාරු උනා.....

එහෙම්ම ඇදෙන් නැකිටපු මං මේසෙ උඩ තිබුන ෆෝලික් ඇසිඩ් අහුර දිහා බලන් උන්නා....මේ පාර වත් හත් මාසෙන් නැතිව නව මාසෙන් එලියට එන දරුවෙක් ලැබුනොත් මට ඒ ඇති .....

ඉස්සරහට  එක දශමෙකින් වත් ඉස්සරහට නාව කුස දිහා බලපු මං මෙච්චර කල් කෑම බීම පාලනෙ කරන් ආයම උන්න ගානටම හදා ගත්තු ඇග දිහා බැලුවා ....තව මාස තුන හතරකින් ආයම බෝල වෙයි.....

කුසියට  ගිහින් ෆ්‍රිජ් එක ඇරපු මං ඇතුලෙ තිබුන නිව්ඩේල් යෝගට් එක ගත්තා ....එයා ආසයි යෝගට් වලට සීතල චුට්ටක්  ඇරලා කවනකොට  එයා ආසාවෙන්  කෑවා....බත් කවන්න වෙන්නෙ දැන් මේකෙ පිහිටෙන්....

සුදු පුතා ..අප්පච්චි  බයි කනා...ද.....

මම්....මම්..

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now