18වන කොටස⛵

2K 435 58
                                    

එයාටයි එයාගෙ වස්තුවටයි දෙන්නටම ඇහෙන්න නැලවිලි කවි කියපු මටත් අවසානෙදි නින්ද යනකොට මම එයාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා .....

මගින් මගටම මගින් මගටම නින්දෙන් ගැස්සෙන එයාගෙ පිටට තට්ටු කරන  එක වගේම ඔලුව අත ගාන එක ඇරුනම මට තත්පරයක් ආය නිදාගන්න බැරි උනා...

මම එහෙමම්ම එයගෙ මූන දිහා බැලුවා....ආදරනීයම අප්පච්චි  නපුරු වෙලා සැර කරලා අවසානෙදි ආයමත් ඒ ඔක්කොම පැත්තකට දාලා නොදරුවෙක් වගේ මට තුරුල් වෙලා උන්නා...පව්..එයාව ගැස්සෙනවා....උපරිම පැය කාලක් එකදිගට නිදාගනී...ආයම ඇස් අරිනවා ආයම වහනවා....ආයම ඇරෙනවා...නිදිමත බේරෙන ඇස් දෙක් ආයම වැහෙනකොට උඩ බෙලි අතට උන්න මම සම්පූරනම එයාගෙ පැත්තට හැරෙනකොට එයා තව තව මට තුරුල් උනා වගේම වෙනදා පුරුද්දටම මගෙ ඇගට කකුලකුත් දාගත්තා .....

සුදු පුතා...අප්පච්චි බර නෑනෙ.. .පව්....අප්පච්චිට දොයි මත උනාට දොයිය ගන්න බෑනෙ....පව්නෙ...නේද....

මම නිනදෙන් උන්න එයාව අත ගාන ගමන් චූටි වස්තුව එක්ක කතා කෙරුවා.....වෙලාව තවම හතරට වත් කිට්ටු නෑ..මටත් නිදා ගන්න ඕනේ....ඒ උනාට කොයි තරම් නිදිමත උනත් එයා ගැස්සෙන ගැස්සෙන පාර මට එයාව නලවන්න ඕනේ...

සෑහෙන්න වෙලාවකට පස්සෙ එයා නිදාගත්තා ...ආය හැලහොල්මනක් නැතිව...ලාවට වගේ ගොර අදින සද්දෙත් එක්කම එයාට තදටම නින්ද ගිහින් තිබුනා . .කොට වෙන්න කපපු කොන්ඩෙ වගේම බෙල්ලෙ තිබුන සර්වීස් නම්බර් එක ගහපු නිකල් පාට චේන් එක...ඒ ඇරුනම ඇගේ පාලුවට තැනින් තැන තුවාල කැලැල් ඉතිරි වෙලා තිබුනා.....

එයා තුවාල උන හේතුව කිව්වෙත් නෑ...මම ඇහුවෙත් නෑ....මට අහන්න බයයි.....අහන්න ඕනා උනත් එයා කියන්නෙ නැති බව දැන දැනම අහන්නත් බෑ....එක අතකට වෙච්ච දේවල් ආය ආය හාර හාර අවුස්සන්නෙ මොකටද......

මම එයාගෙ මූන දිහා බැලුවා...ඒ ඇස් තදිම්ම පියවිලා....මගෙ ඇගට උඩ තිබුන කකුලෙන් එයා මාව අල්ලගන උන්නා....

ඔයා හුගක් පව් අප්පච්චි ...

ඇහෙන නෑහෙන ගානට මුමුනපු මම ඇස් පියා ගත්තා      .. 

*

*

*

මාස තුනයිලු....ඔව්...අම්මා...කෙට්ටුයි කෙට්ටුයි....දර ඉපලක් වගේ   ....මම කිව්වට අහන්නේ නෑ...මම බනින වෙලේට බැනගන්නත් බෑ.  මට තරහා ගියොත් කොතනින් නවතීද මම දන්නෙත් නෑ   ...ඒක නිසා එයව කොහොම හරි එක්ක යන්න....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now