23වන කොටස⛵

1.4K 394 118
                                    

කොටි ඇවිදින්....මට ඇහුනේ ඒ වචනෙ විතරයි .....ලේ ධාතුව පනගහන නෙරපු කුස වටේම අත් දෙක ඉබේටම එතෙනකොට මට මතක් උනේ කාරනා දෙකයි.....එයාගෙ පන තියෙන්නෙ මෙතන කියලයි....නූපන් දරුවට තියන්න කියපු නමයි විතරයි  වෙනකොට කන් බෙර පවා හිල් කරන පුපුරන සද්ද  මැද මං උන්දගෙ නහර වැල් එල්ලෙන අත අල්ලන් එලියට  දිව්වා ....

මාතියා....මුරුගා.....මාත්තියා ....

තල් වැට ගාව දි මං ආයමත් ඒ අත අතෑරියා .....අමුතුවෙන්  රැකගන්න කියලා මට කියලා තඹ දොයිතුවක් නැති තැන එයාගෙයි මගෙයි මතක පිරුන ඵෝන් එක විතරක් මට ඕන වෙනකොට  යටි බඩට අත තියන් මං ආයම ගෙට දුවනකොට  උන්දා මරලතෝනි  දුන්නා ....

මාවිල් ආරුව ඇරිය සතුටට ගෙන්දගම් පොලවෙ මිනිස්සු හන්දි හන්දි ගානෙ කපු කිරිබත වත් තව දිරවලා නැතිව ඇති....එහෙන් මාවිල් ආරුව අල්ලපු පලියට  ගෝකන්න අහස යට හුස්ම අල්ලන අපෙ පපු පැලෙන්න ලන් වෙලා තිබුනා ....

ලබ් ඩබ්....ලබ්...ඩබ්....ලබ්..
ඩබ්.....

වෙව්ලන  ඇගිලිවලින් කොට්ටෙ අවුස්සනකොට  "කරනීය මත්ත කුසලේන" කෑල්ල ඇහි ඇහිම මං.ඵෝන් එක ඕෆ් කරලා දාලා එලියට  දුවනකොට  අනේ උන්දගෙ ඇස් දෙක එලියට පනින තරම්  ලොකු වෙලා තියනකොට  මෙච්චර  දවසක් මට හයියට උන්න උන්දගෙ අත්වලට මරන බයටම  දාඩිය දාලා තියනකොට  රැයක් දවාලක් නැතිව ආමි ට්‍රක් ගියපු පාර පාලු වෙච්ච  මූසල රෑක හද එලියෙම අපි ඉස්කෝලෙට දිව්වා ......

කන් අඩි පුපුරන්න එන පිපුරුම් සද්ද එන වාරයක් ගානෙම අපි කැලෑ ගොඩෙ පවා කන් දෙක වහගන බිම ඇකිලෙනකොට  මහපාර ඇරෙන්න පාලුවට ගිය වතුපිටිපවා අපිට පරහට හිටින්න බෝම්බ ගිලගන උන්නා.....

එන්න එන්නම බල්ලන්ගෙ උඩ බිරුම මැද වලාකුලු පවා හද ගිලගන්නකොට  සෙරප්පුවෙ පටිය අනිත් අතට යනකොට ඇවිදිනකොට පවා හති  හැදෙන මාව තාර පාරෙම බිම වැටෙනකොට  මගෙ මූන කට සමතලා  වෙන්න දුන්නත් මාස පහමාරක් ඇස් දෙක වගෙ රැකපු එයාගෙ පනව මං අත් දෙකෙම්ම අල්ලගන්න කොට  වැලමිටවල්  වල ලෙලි ගිහින් තිබුනා ....අනේ දෙවියනෙ මාව පන පිටින් මැරුවත් මගෙ දරුවගෙ හුස්ම රකින්න....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now