07වන කොටස⛵

2.4K 475 115
                                    

බබා....බබා ....

දරුවො.....

බබා....ඇස් අරින්නකො....

බ්ලොක් ගල් උඩ ඉදන් එයාගෙ වාරුවෙන්  උන්න මාව සම්පූරනම  සිහින් සුන් වෙලා ගියා....ඉන් එහා උනේ මොකක්ද  උනේ කියන්නවත්  නොදන්න මට ආයම  සිහිය එනකොට  එයාගෙ වගේම  එයාගෙ අම්මගෙ අප්පච්චිගෙ කටහඩවල්  වගේම   කම්මුලට  හිමින් වදින පාරවල්  එක්ක මං ආයම  ඇරියා හැබැයි නිකන්  නෙවෙ ඔලුවට  දරන්න බැරි වේදනාවක්  වගේම දරන්න අමාරු කම්පනයක්  එක්ක වෙනකොට  මට තත්පර  ගානකට එයාලා කිසිම කෙනෙක් අදුනගන්න බැරි උනා වගේම  මං එයාලගෙන් මගෙ  අයියා කෝ කිය කිය ඇහුවා....නෑ ඇහුවෙ නෑ මං ඇඩුවා ...නිකන් නෙවෙ  මං පිස්සුවෙන්  වගේ ගේ පුරාවටම  එයාව හෙව්වා ...එයාට මැරෙන්න දෙන්න බෑ කිව්වා ...එයාව හංගන්න කිව්වා ....

අප්පච්චි ..මගෙ...මගෙ...අයියා...එයා...එයා..නෑ...එයා කො...අම්මා......අම්මා....එයා නැ...එයාව..අරන් ගිහින්....අරන්...ගිහින්...කෝ...අනේ...අම්මා...

මේ ඉන්නෙ...මේ ඉන්නෙ පුතෙ...මේ ඉන්නෙ ..

නෑ...අනේ...කො...එයා...නෑ....අප්පච්චි  ඔයා..කොහෙද ...ඔයා...කෝ....අප්පච්චි ..අනේ....ඔයා ...කෝ...ඔයා...කෝ...අම්මා...මගෙ....මගෙ...අනේ...එයාව...ආයම...ආයන...නිල්පාට ...ජිප්...එකෙන්...අරන්...ගියාද ...අප්පච්චි ...අනේ...ඔයා...කෝ....

බබා..මෙ..මන් ඉන්නවා...බබා...මේ අයියා ඉන්නවනෙ....මේ...ඉන්නෙ...අනෙ...මං ඉන්නවානෙ....

අම්මා...එයා...නෑ...ඔයා..නෙවෙ...ඔයා..නෙවෙ ....ඔයා...නෙවේ...මගෙ...අයියා..එයාද...එයාද    අර...අනේ....අප්පච්චි  ඔයා කොහෙද .....

මං ඔලුව බදාගන කෑ ගැහුවා ...සිංහකොඩිය පොරවපු මිනී පෙට්ටිය වගේම  බැනර් දකිනකොට මට දැනුනෙ එයාව මගෙන් අරන් ගියා වගේ හැගීමක් වෙනකොට  මං ගේම දෙවනත් කෙරුවා ...ආර්මි එකේ කොල්ලො එහා මෙහා යනකොට  අර අම්මගෙ විලාපෙ ඇහෙනකොට මට දැනුනෙ එතන උන්නෙ මගෙ අයිය වගෙ හැගීමක් එක්ක හදවතට  දරන්න අමාරු කම්පනයක්  එක්ක මං එයාව ඉල්ල ඉල්ල අඩ අඩ ගේ පුරාවටම  දිව්වා ...

ජාන්...ජාන්..මං ඉන්නවා...මේ ඉන්නෙ...මට මොකුත් උනෙ නෑ පන...මේ ඉන්නෙ....මං ඉන්නවා...අනෙ...රත්තරන්  හොද සිහියට වරෙන්කො ....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now