12වන කොටස⛵

1.7K 441 106
                                    

මූනට වැදුන වතුර බිංදු එක්ක මම ඇස් ඇරියා.....ඒත් බර උන ඇහිපිහාටු ඇරපු මම දැක්කෙ කොල පාට වගේම දුඹුරු පාට තල් අතු එක්ක නිල් පාට අහසෙ සුදුපාට වලාකුලු පාවෙන එක වගේම නහයට මරිතොන්ඩු සුවදක් එක්ක බුලත්  විටක පුවක් සුවදක් දැනුනා ....ඇගට දැනුන අපහසුව එක්ක මම තවමත් ඉන්නෙ බිම වෙනකොට මගෙ ඔලුව උන්දගෙ උකුල උඩ තිබුනා....ඒ කියන්නෙ මම තවම වැට කඩුල්ල ගාව...

මාත්තියා....

මගෙ මූනට උඩින් එබුන ඒ මූන දකිනකොට මම හරි අමාරුවෙන් නැකිට්ටා...ඒත් මට ඔලුව කෙලින් කරන් ඉන්නම බැරිව ගියාවගේම මට එහෙම්ම දෙපාරක් තුන්පාරක්ම වමනේ ගියා...මට ගෑස්‍රයීටීස් උපරීම්ටම ඇවිත් වගේ....ඔලුවම කැරකෙන කොට  සීසිකඩ ගිය කිරිබත් කෑලි කාක්කො කොටන් යනකොට මම ආයම වමනෙ දැම්මා...

මාත්තියා....

තල් ගහ බදාගන වමනේ දාපු මගෙ පිට උන්දා අතගෑවා...

ආච්චි...අම්මා....

බය...වෙන්ඩ...කාරි...නෑ....තමා....

එයා..මගෙ දිහා බල ඉදලා නහර පෑදුන අතෙන් මගෙ මැනික් කටුව ගාවට ඇගිල්ල තද කෙරුවා ..කරලා ලොඹුවෙච්ච කටත් මොකක්ද කරගත්තා ...

මාත්තියා ...යේක...දෙන්...පරිස්සම් තමා...වෙන්න...ඕනෙ.....

ම්..මොකක්...මම....මට....අනේ....!!අප්පච්චි ....!!!

උන්දා ඊලගට කියපු කතාව එක්ක මගෙ අත් දෙකම මගෙ බඩ උඩ නැවතුනා....අනේ....එයා..මගෙ...අප්පච්චි ගෙ.....එයා මොක්කද කිව්වෙ....උන්දා වින්නඹු අම්මෙක්.....එයා..මට කිව්වෙ..මොකක්ද......

මාත්තියා ...දුව..න්ඩ...එපා ...බබාට...ඔද..නෙ....තමා....

උන්දා වැට ගාව ඉදණ් කෑගහනක්ට මම ගෙට දුවලා.කන්නාඩිය ගාව නැවතුනා....

අනේ..මගෙ....පැටියා ......

තවමත් ඇබිතන්  සයිස් කුස ඇතුලේ පනහන එයාගෙ ලේ ධාතුව උඩින් මම අත තිබ්බා....මේ එයාගෙ..මෙයා එයාගෙ...ඒ වචන ටිකම මගෙ හිතට ආඩම්බරයක් ගෙනාවා....ඒ උනත් ඒ වචන ටිකම ආයම මගෙ හිත පෑරුවා...

ඔයාගෙ අප්පච්චි ඉන්න තත්වෙ එක්ක අම්මට සතුටු වෙන්නද...අඩන්නද මට හිතා ගන්න බෑ පැටියො..

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now