අම්මා.....මගෙ අප්පච්චි ගෙන් කෝල් එකක් නැද්ද....
මම රෑ මැද නැකිටන් ගිහින් ඇහුවා .....එයා බැරිම තැන එයාගෙ ඵෝන් එක මට දුන්නා..අදට හරියටම සතියක්....එයාගෙ නිවාඩු එන දවස් පහුවෙලා සතියක්....වෙලාව මහ රෑ පහු වෙලා....ඒත්...එයාගෙන් තවම නෑ කෝල් එකක්...අඩුම ගානෙ බබා මට නිවාඩු එන්න වෙන්නෙ නෑ කියලා වත්.....අනේ දෙයියනේ එන්න බැරි උනත් මොකද ඉනන් තැනකින් මම ඉන්නවා...මගෙ පපුව ඇතුලෙ ඇවිලෙන ගින්දර එන්න එන්න අහස උසට නගිනකොට මං එහෙම්ම බැල්කනියට ගියා .....සැරින් සැරේ ඉදලා හිටලා එන හුලගට ඇගම හිරි ගඩු පිපෙන කොට අඹගහෙ වහල උන්න වවුලෙක් අඹ ගැටයක් කාලා බිමට දැම්මා...
සුදු පුතා ...අම්මිව ඇගෙනවද .....රත්තරන් ....අප්පච්චි ගෙන් කෝල් එකක් වත් නෑනෙ....
මට කරගන්න දෙයක් නැති කමට හයමාසයක් සම්පූර්න මගෙ කොල්ලට මං දුක කිව්වා .....එන්න එන්න පහලට බර වෙන බඩත් එක්ක මට ඉදගත්තු තැනින් නැකිටින්න අමාරු වෙනකොට මං එහෙම්ම රූටලා බිම ඉදගත්තා ....
අප්පචි....ඔයා හොදින් නේද මගෙ අයියෙ.....
එයාට යවපු කීවෙනි මැසේජ් එකද මන්දා....එකම ප්‍රශ්නෙ....එකම ප්‍රශ්නෙ....එකම ප්‍රශ්නෙ......ඔයා හොදින් නේද....මොන දීපන්කරේක උන්නා.උනත් කමක් නෑ...ඔයා ඉන්න තැන හුස්ම වැටෙනවා නම්...මට එච්චරයි ඕනෙ. ....
සැරින් සැරේම හද වහගන යන වලාකුලු දිහා මම ඔහේ බලන් උන්නා...තට්ට තනියම....හැමෝම නිදි රෑක ඉදලා හිටල ගැස්සෙන නොදරුවව අත් දෙකෙම්ම තුරුල් කරන් මම ඔහේ උන්නා....හිතේ තියන වේදනාව දන්නෙ මමම විතරක් වෙනකොට මාව වහගන උන්න මදුරුවන්ට ඇති තරමක් ලේ බොන්න දීලා මම ඔහේ උන්නා....උන් කනවා...කන එක ඉවසන්න පුලුවන්...ඒ.උනත් කන පහු කරන් යනකොට ඒ සද්දෙ....ඒ සද්දෙ මට උහුලන්න බැරි උනා....
තැනින් තැන පායපු තරු හදේ තනි රකිනකොට තනි තරුවක් වෙච්ච මගෙ හද කොහේ ඉන්නවද කියන්න නොදැන මම හීල්ලුවා....අවංකවම මේ වේදනාව මට කියන්න වචන නෑ.....මායිම් ගමේ උන්නා නම්...සමහර විට මගෙ පපුව පැලිලා ගේ ඇතුලෙම මැරිලා යන්නත් තිබ්බා....
අපි හැමෝම මැරෙනවා.....ඉපදෙනකොට එක අතකින් මරනය ගුලිකරන් අපි ඉපදුනත්...මැරෙන බව දැන දැන හුස්ම ඇල්ලුවත් අපි බයයි...අපි ලෝභයි මේ බැදීම් දාලා යන්න වෙනකොට ඒ වචනෙ අහන්න පවා අපි බය උනා....
YOU ARE READING
THE BATTLESHIP CUTTER ⛵ (yizhanCompleted FF)
Fanfictionනෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ.... ජාතියෙ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තියේ....