33වන කොටස⛵

1.5K 385 122
                                    

ආ...හරී හරී.....අප්පච්චිගෙ සුදු පුතාට සීතලද....අයියෝ.....ඉතින්...සුදු  පුතාව අඩවනවනේ.....නේ...

එයා මගෙ ජීවිතෙන් ගියා කියලා ඉර පාටන එක නැවතුන් නෑ.....හද පායන එක මල් පිපෙන එක...මේ කිසිම දෙයක් නැවතුන් නෑ...ඒවා හැමදාම ඒ විදිහටම උනා....පායන ඉර ලස්සන ඇති....අනිත්  අයට....පායන හද...ආදරනීය ඇති....ආදරේ විදින අයට....ඉරත් එක්ක පෙති දිග අරින මල්ලස්සන ඇති.....මේ හැමෝටම .....ඒත්.....මට විතරක්  ඇරෙන්න...මොකද මට තිබුනෙ එක ඉරයි....එක හදයි....එක මලයි....ඒ එයාම විතරක්  වෙනකොට  මගෙ අප්පච්චි  නෑ කියලා නෑ....අනිත් දේවල්  ඒ විදිහටම වෙනකොට  හත්දොහෙ දානෙට ආව අය වගේම  මෙච්චර  දවස්  මෙහෙ නැවතිලා උන්න අය කදමලු බැදගන යන්න හදනව....සමහරක්  උන් ඊයෙ ඉතිරි ඒවා අද උදේටත්  කාලා දවල්ට උයන්න දෙයක් නෑ කියලා  දානෙට ගෙනාව දේවල්  වලිනුත් බඩු බෑග් පුරවගත්තා ....

හැබැයි කවුරුත්  දැනන් උන්නෙ නෑ මගෙ අසරන  අප්පච්චි ගෙ මාසෙ පඩියයි ඔය ඔතන් යන්නෙ කියලා ...කවුරුත් දැනන් උන්නෙ නෑ අම්මගෙ කර මාලෙ උගස් කරපුවල සල්ලි ඔය අරන් යන්නෙ.....කවුරුත්  දැනන් උන්නෙ නෑ එයාගෙයි මගෙයි ගෙදර වෙනුවෙන්  එකතු කරපු මගෙ සොච්චම් පඩියයි ඔතන් යන්නෙ කියලා .....

කමක් නෑ.....දුන් දේ සුවදයි කියනවා ඔය පිනෙන් වත් මගෙ දරුවගෙ අප්පච්චි හොද තැනක ඉපදේවි.....

නින්දෙම්ම චූ දාහත්තු ලමයගෙ ඉනෙන් පහල වෙට් ටිශූ වලින් පිගපු මං ආයම නැපියක් ඇන්දෙව්වා .......අන්දවලා එයාවත් වඩාගන බැල්කනි එකට වෙලා බලන් උන්නා.....

ඔලුව යන්තමට වත් කෙලින් කර ගන්න බැරි නොදරුවගෙ ඔලුවට  අත තියන් උන්න මං එයාට අප්පච්චි ගෙ සුදු පුතා කිය කිය එයා එක්ක කතා කෙරුවා ...මං හැම වෙලේම  දරුවට කතා කෙරුවෙ අප්පච්චිගෙ සුදු පුතා කියලා .....මට එයාට  දැනෙන්න දෙන්න ඕනා උනා එයාගෙ අප්පච්චි නැති උනත් එයාට පන වගේ අප්පච්චි  ආදරෙ දුන්නා කියන එක..

මං එහෙම්මම හුලන් වැදෙන්නත් එක්ක දරුවව තියන් එතනම තිබුන පුටුවෙන්  වාඩි වෙනකොට  එයා කිරි සුවදට කට හැදුවා ....චූටි අත් වල ඇගිලි ගුලි වෙලා තියනකොට  මං ඒ අතට හාදුවක්  තිබ්බා...මල් පෙත්තක්  තරමටම  සිනිදුයි....ලා රෝස පාට හුරුබුහුටි තොල්පට උල්  වෙනකොට  එයා වෙනුවෙන්  එරුන කිරි  බිංදුව බින්දුව මගෙ පුංචි එකාගෙ බඩ පුරවනකොට  හැම අම්මම කියන නැලවිලි ගීයට තිත තිබ්බ මං  ටී එම් ජයරත්නයන්ගෙ අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී කියන්න පටන් ගත්තා  ...

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now