02වන කොටස⛵

3.4K 585 157
                                    

එයාගෙ කටහඩ ඇහුන ගමන් මගෙ කදුලු සතුටු කදුලු වලට පෙරලෙන්න එක තත්පරයක් වත් යන්න නැතිව ඇති....අද සිකුරාදා ...හෙට අනිද්දා...දෙකේම මට එයා ගාව ඉන්න පුලුවන් .....

ඒත්..අනෙ...මම මොනවද එයාට හදන්නෙ....එයා කීයට ඒවිද.....මට බේස් එක ගාවට එන්නවත් එපා ගෙදරම ඉන්න කිව්වා...ඒක එයාගෙ හැටි...එයාට පිටින් යන්න මට කොහොමත් හයියක් නෑ..අනික තව මෙහෙම දෙයක් තිබුනා...එයා මට කොයි තරම් ආදරේ කෙරුවත් මම එයාගෙන් දෙයක් අහන්න කලින් දහපාරක් හිතනවා.."මේක ඇහුවට කමක් නැද්ද...කමක් නැද්ද...අහලා බැනුම් අහන්න වෙයිද...." එයාලට තිබුන නීති රීති නිසාමද කොහෙද සමහර වෙලාවට පොඩ්ඩ බැරි වෙනකොට එයාට  තරහා ගියා...එයාට තරහා ගියා කියලා හොයාගන්න තියන එකම ක්‍රමයයි..ඒ එයා ඉකමන් අඩි තිය තිය එහා මෙහා ගියා වගේම ඔලුව එහෙම කසන කස උන්නොත් ඒ අනිවාර්යයෙන්ම එයාට තරහා ගිහිල්ලා...

ඒ මොන දේ උනත් එයා අද නිවාඩු එනවා කිව්වනෙ...ඉක්මනට ගෙදර යන්න ඕනා..කීයට එයිද දන්නෙ නෑ ඒඋනාට බාතෲම් එකේ උනුවතුර මොකුත් නෑනෙ...එයාට උනුවතුර මුට්ටියක් වත් එලියෙ ලිපක් හදලා රත් කරලා තියන්න ඕනා....මම මොනවද උයන්නෙ....ඒ ඔක්කොමත් හරි...මම එයා එක්ක එකට ජීවත් වෙන පලවෙනිම දවස...දැන්නම් චුට්ටක් බයත් එක්ක...බයයි මත් කියන්න අමාරුයි.....ඒක හරි අමූතු හැගීමක්.....මට තේරෙන්නෙ නෑ.....කියල දෙන්න කෙනෙකුත් නෑ..මටත් මහලොකු වයසක නෑ...අඩුම ගානේ වයස විසි පහක් වත් නොවුන මම කොහොමද ඒ හැම දෙම ගැන දන්නේ.......

ඉස්කෝලේ ඇරෙන්න තව පැය බාගයයි තියෙන්නෙ...ඒ පිම්මටම මාකට් එකට ගිහින් මොනවා හරි ගත්තා නම් හරි...මොකද මාත් උයන් කන්න එච්චර පන්නන මනුස්සයෙක් නෙවෙ..පන්නන මනුස්සයෙක් නවෙ ...පන්නන මනුස්සයෙක් නෙවෙ, නෙවෙ ඇත්ත කතාව..හැම වෙලේම හිතේ ගිදරින් ජීවත් වෙන මම කොහොමද කාලා බීලා ඉන්නෙ...

මම උන්න ගෙවල් යායෙම පවුල් වල කොල්ලො ආර්මි එකට බැදිලා උන්නා...දන්නවද...ඒ එකම එක ගෙයක් වත් අංග සම්පූර්නම නෑ..හැම ගෙදරක්ම බාගෙට හදලා නවත්තලා තිබුනා...අනේ ඉතින් ඒ හම්බෙන පඩියෙන් ගෙවල් හදන්නයි කන්නයි බොන්නයි පුලුවන්ද....ඒ හැම ගෙදරකම මිනිස්සු ජීවත් උනේ මම ජීවත් වෙනවා හා සමාන් බයෙන්...කොයි වෙලේ ආර්මි ට්‍රක් එකක් ඇවිත් ගේ ඉස්සරහින් නවත්තයිද...කොයි වෙලේ ගෙදරට සීල් කරපු පෙට්ටියක් ඒවිද .....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now