03වන කොටස⛵

3.8K 556 112
                                    

ෆෑන් එකෙන් එන හුලන් පාරයි තටු තුනේ සද්දෙ වගේම එයා මගෙ ගාව ඉන්නවනෙ කියන හැගීම මගෙ හිතට ලෝබකමක් ගේනකොට මට අවංකවම ඇස් පියා ගන්න හිතුන් නෑ...එයාගෙ අත මගෙ පපුව උඩ තිබුනා වගේම මම චුට්ටක් හෙළ උනත් එයා අතින් ඒ පැත්ත නින්දෙම්ම මිරිකගන්නකොට මම ආයම දශමෙකින් වත් හෙළ නොවි  බෙල්ල විතරක් හරවලා එයාදිහා බැලුවා....

එයාට එක තත්පරයක් ඇතුලත නින්ද ගියා...ඒත් මොන කරුමෙටද මන්දා එයා සැරින් සැරෙ නින්දෙන් ගැස්සුනා...ඒ ගැස්සෙන ගැස්සෙන වාරයක් ගානෙම මම එයාගෙ ඔලුව මට පුලුවන් විදිහට අත හරවලා අත ගෑවා...එයාට නින්දෙන් වත් සැනසීමන් නැතිද මන්දා....එයාගෙ අත මගෙන් අයින් කරන්නවත් හිතක් නැති කොට මම නුහුරට ඉදන් එයාගේ ඔලුව අතගානකොට මගෙ අත චුට්ට වෙලාවකින් වේදනා දෙනකොට මම නැවැත්තුවා ....

"බබා..අනෙ...අතගා..න්නකො...."

එයාට මම අතගාන එක දැනිලද කොහෙද එයා නින්දෙම්ම අතගාන්න කියනකොට මම එයාගෙ අත  මගෙ ඇදුම ඇතුලෙ තියෙනකොටම එයාග පැත්තට හැරෙද්දි එයා තවත් චුට්ටක් ඒ පැත්ත අතට අහුවෙන්න අල්ලගන්න ගමන් මොකුන් නොකියම ඇස් වහන් නිදාගන උන්නා වගෙම මම එයාගෙ ඔලුව  හිමින් සීරුවෙ අතගානකොට එයාට ආයම තදිම්ම නින්ද ගියා...

ඒ උනත් ඒකත් කලින් වගේමයි... එයා ගැස්සෙනවා...එයාගෙ හීනවලවත් සැනසීමක් නෑ කියන්න ඒ හිත ඇතුලෙ මොන ගින්දරක්  නම් තියනවා ඇතිද...මහ මුහුද මැද කොහෙන් කොයිපැත්තෙන් ගහයිද කියල නොදැන එකම ඉලක්කෙකට යන  ඒ ඇස්වලට ඒ නම් සැනසීමක් නැතිවෙන එක අහන්න දෙයක්ද....

අනේ මම මෙහෙන් එයා ගැන බය වෙනකොට එයත් එහෙ ඉදන් මම ගැනත් හිතනවා ඇති නේද..

කලුවෙලා ගියපු ඇස් යට මම ඇගිලිතුඩු වලින් අත ගෑවා...පිරුන කම්මුල් අද යටට බැහැල තිබුනා...ඇත්තටම ඒ මූන හුගාක් විඩා බරයි...අපේ ඇස් වලට නින්ද දීලා එයාලා හතර කොනේම ඉදන් අපිව රකිනකොට මොන ගින්දරක් ඒ හිත්වල ඇතිද.....රෑ පුරාවටම කැමා යුනිෆෝම් එක පිටින් කට්ට කලුවරෙ සත්තුසරපයි ඉන්න කැලෑ අස්සෙ වතුර වලවල් වලින් බැහැ බැහැ ටී පනස් හයත් කරේ එල්ලන් ඉස්සරහට ගියාට ඒ හිත් කොයි තරම් බයකින් ඇතිද.......ඉතින් එහෙම ඒවා මතක් වෙනකොට මම කොහොමද සැප ගන්නෙ....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now