28 වන කොටස⛵

1.4K 428 212
                                    

ශාන් ....ශාන් ....අනේ දරුවෝ.....

මිදුලෙදිම ඇස් පියා ගත්තු මගෙ කම්මුල් වලට වදින පාරවල්   එක්ක මං ඇස් ඇරියා  ඇහි පිහාටු පවා මට බරයි.....මට මගෙ සර්වාංගෙම  බරයි........හිමින් හිමින් ඇස් ඇරපු මං දැක්කෙ ශීට් හහපු සිවිලිම වෙනකොට මං වටේම ඇස් කැරකෙව්වා....උරහිස් වල තරු ගහලා තිබුන තද නිල් අත් දිග ශර්ට්  ඇදන් උන්න එයාගෙ ඵොටෝ එක දිහා මං බැලුවා .....

අප්පච්චි ....එයා නැතිලු.....එයා නැතිලු දෙවියනෙ....මගෙ  අයියා ....එයාගෙ නම ..
....

අනේ මගෙ අම්මේ.....මගෙ අප්පච්චි ....එයා නැහැලු.....එයා නෑ කියලා  කියනවා ....එහෙම කියන්නෙ කොහොමද ....අප්පච්චි ...ඔයාගෙ පුතා නෑ කියනවා ....එයා පොරොන්දු  උනා....එයා පොරොන්දු  උනානෙ....අප්පච්චි ....එයා පොරොන්දු  උනා එනවා කියලා .....

මං එයාගෙ අප්පච්චිගෙ  කොලර් එකේ එල්ලිලා කෑ ගැහුවා ....ඇත්තටම මට ඒ දුක වාවන්න බෑ...මං කොහොමද හිත හදාගන ඒ වචන විස්වාස  කරන්නෙ.....මං කොහොමද  ඒ වචන විස්වාස  කරන්නෙ ....

අනේ අප්පච්චි . ..එයාලට වැරදිලා ඇති....එයාලට වැරදිලා ඇති  ....මගෙ දරුවා වෙනුවෙන් ....අනේ එක පාරක් ගිහින් බලන්න....එක පාරක් ගිහින් බලන්න ...මං කකුල් අල්ලා වදින්නම්...මගෙ ළමයා ලෙඩෙක් වෙයි අප්පච්චි මාව මෙහෙම අඩවලා මගෙ කොල්ලව ලෙඩෙක් කරවන්න එපා අප්පච්චි ...මං වදින්නම්.....ගිහින් බලන්නකෝ ...

මං වදින්නම් ....වදින්නන් ගගා ඒ අම්ම තාත්තගෙ කකුල් අල්ලලා මං වැද වැටුනා මට එයාව නැති කරගන්න බෑ...මට එයාව මොන ලෝකෙන් හරි ඕනා....මට මගෙ කොල්ලගෙ අප්පච්චිව මොන සක්වලින් හරි හොයා ගන්න ඔනා වෙනකොට අප්පච්චිට පවා මගෙ දුක උහුලන්න බැරිවද කොහෙද  මගෙ කීමටම යන්න යනකොට  මං පිස්සා දුව දුව වගෙ මේ ගිනි මද්දහනෙ පංසල් යන්න මල් කැඩුවා . ..නටුවෙන්  ගලවන එක මලක් ගානෙන මන් ප්‍රාර්තා කෙරුවෙම ඒ ජීවිත රකින්න....අපේ හිත්වල ගින්න නිවන්න කියලා වෙනකොට  මට මල නටුවෙන් වෙන් කරගන්නවත් ඇගිලි වලට හයියක් නැති උනා....

වෙනදට පංසල් යනවා කියනකොට  හැම දේම පේ වෙලා කරපු මං අද ඔලුවම ගිනි අරන් තියනකොට  කාලෙ බෝතලේට දාන්න ගත්තු පොල් තෙල් එක පවා පිට ගියා ....මගෙ ඔලුවම ගිනි අරන්.......

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now