01.Love Song

1.2K 145 16
                                    

මෙය හුදෙක් ප්‍රබන්ධයක් පමනක් වන අතර BTS සාමාජිකයන් හට කිසිදු අයුරකින් අගෞරවයක් සිදු නොවේ.
මෙහි අඩංගු චරිත සහ සාමාජිකයන් අතර කිසිදු සම්බන්ධයක් නොමැත.
රසවින්දනය සදහා පමනයි.

❤️

Meeting you was fate,

Becoming your friend was a choice,

But falling in love with you was our destiny.

❤️


Author's POV

JM : "ආයිශ් ! ජන්ග්කුකී,තාම නිදාගත්තෙ නැද්ද?"

ජිමින් ජන්ග්කුක්ගෙ රූම් එකේ දොර ලගට වෙලා ඇස් දෙක පොඩි කරන ගමන් බලාගෙන හිටියෙ පැය ගානක් තිස්සෙ නෝට්බුක් එකයි,පෑනයි අතේ තියාගෙන එකම ඉරියව්වෙන් ඇදට හේත්තු වෙලා බිම ඉදගෙන ඉන්න ජන්ග්කුක් දිහා.

බිම පුරාම ගුලි කරලා විසිකරපු කොල..

දැන් දවස් ගානක් තිස්සෙ ජන්ග්කුක් ඉන්නෙ හරි සිහියකින් නෙවෙයි කියලා ජිමින් දැනගෙන හිටියා.

ජිමින් ට අවධානයක් නොදීම ලිය ලිය හිටපු කොලේ වේගෙන් ඉරල දාපු ජන්ග්කුක් ඒකත් ගුලි කරලා කාමරේ මුල්ලකට විසි කරා.
ඒ ගමන්ම නෝට්බුක් එකයි,පෑනයි දෙකත් තරහෙන් ඈතට විසිකරපු ජන්ග්කුක් ඇස් දෙකත් වහගෙන ඇද කෙලවරට ඔලුව තියාගත්තෙ ජිමින් ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන ඉද්දි.

හෙමින් දොර වහපු ජිමින් ඇවිත් ජන්ග්කුක් ලගින් බිම ඉදගත්තෙ ජන්ග්කුක්ගෙ ඔලුව අතගාන ගමන්.

JM : "ජන්ග්කුකා,මොකද මේ ?හ්‍යොන්ග්ල හැමෝම නිදි.....
හෙට ගොඩක් බිසී දවසක් කියල දන්නවනෙ.උදේ හත වෙද්දි ඩාන්ස් ප්‍රැක්ටිස් යන්න ඕනෙ.
දැන් නිදාගන්න හොද ලමයා වගේ.හෙටත් ප්‍රැක්ටිස් වලට වෙලා ගිහින් ගියොත් එහෙම හොබී හ්‍යොන්ග්ගෙන් මැරුම් කන්න වෙන්නෙ."

ඇස් දෙක ඇරපු ජන්ග්කුක් ජිමින් දිහාට හැරුනෙ ලොකු හුස්මක් ගන්න ගමන්.

JK : "හ්‍යොන්ග්,ඇයි මට දවස් පහක් ට්‍රයි කරලවත් එක පේලියක්වත් ලියාගන්න බැරි?"

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now