32.Fallen Angel

381 79 22
                                    

ජන්ග්කුක් තාමත් ඉන්නෙ ශොක් වෙලා..මුලු ඇගම රත් වෙනව වගේ.කවදාවත් දැනිල නැති තරම් වෛරයකුත්,දුකකුත් මුලු ඇග පුරාම විදුලියක් කෙටුව වගේ ගලාගෙන ගියා..

ජන්ග්කුක් කිසිම දෙයක් නොකියා එයා දිහාම බලාගෙන ඉන්නව දකිද්දි ජිමින් ට හිතුනෙම ජන්ග්කුක් ට එයාව පිලිකුල් ඇති කියල.ජිමින් ලැජ්ජාවටම ජන්ග්කුක් ගෙ ඇස් මගඇරල බිම බලාගත්තා..

JM : "ම්..මට සමාවෙන්න ජන්ග්කුක්.."

ජිමින් ගෙ කටහඩ ඇහෙද්දි ලොකු හුස්මක් ගත්ත ජන්ග්කුක් එයාගෙ වේලුන තොල් දිවෙන් තෙත් කරගන්න ගමන්ම ඇදේ කෙලවරෙන් වාඩි වුනේ හිටගෙන ඉන්නවත් පන නෑ වගේ දැනුන නිසා..

ඇත්ත..ජන්ග්කුක් ගෙ හිතේ ජිමින් වෙනුවෙන් තිබුනෙ එසේ මෙසේ ආදරයක් නෙවෙයි.කවදාවත් කොල්ලෙක්ට ආදරේ කරයි කියල හිතුවෙවත් නැති ජන්ග්කුක් ගෙ මුලු ජීවිතේම කනපිට පෙරලුනේ ජිමින් එයාගෙ ලෝකෙට රිංගුවාට පස්සෙ.එදායින් පස්සෙ හැමදේම වෙනස් වුනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට.ඒ තමයි ජන්ග්කුක්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය..

ජන්ග්කුක් හැමදාමත් හිතුව එක දෙයක් තිබුනා.ඒ තමයි ජිමින් කියන්නෙ එයා⁣ව බේරගන්න දෙවියො එයා ලගට එවපු එයාගෙ ඒන්ජල් කියල..💜️

ඒක නිසාම ජන්ග්කුක් ට ඕන වුනේ හැමදාටම ජිමින් ව එයාගෙ අත් අස්සෙ තුරුල් කරන් පරෙස්සම් කරගන්න..

ඉතින් අඩුම තරමෙ කාගෙවත් නරක බැල්මක්වත් ජිමින් ට වැටෙනවට අකමැති වුන ජන්ග්කුක් ට මේ වගේ දෙයක් දරාගන්න පුලුවන් වෙයිද..

ඇස් දිගේ ගලාගෙන යන කදුලු වල උනුසුම දැනෙද්දි තමයි ජන්ග්කුක් හරි සිහියට ආවෙ..

මේ වෙලාවෙ හිත ඇතුලෙ මහ පෙරලියක් තිබුනත් ජන්ග්කුක් හිතාගත්තා තවත් ජිමින් ගෙ ඇස් වලින් කදුලු වැටෙන්න දෙන්නෑ කියල.මොකද එයා මේ විදපු කරදර දැන් හොදටම ඇති..

කදුලු පිරිලා බොද වුන ඇස් අත් දෙකෙන්ම පිහදලා ජන්ග්කුක් මූන උස්සලා ජිමින් දිහා බැලුවා..

ජන්ග්කුක් ලගම හිටගෙන, චූටි අතෙන් එයාගෙම ශර්ට් එකේ වාටිය අල්ල අල්ල අහිංසක විදිහට බිම බලාගෙන ඉන්න ජිමින් ව දකිද්දි ජන්ග්කුක් අමාරුවෙන් කෙල ගිල්ලා..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now