12.Ten thousand Hours

435 112 5
                                    

JK : "ජිමින්,මට පොඩි වෙලාවකට කම්පනි එකට යන්න වෙනවා..ඔයා කාර් එකේ ඉන්නවද නැත්තම් මගෙ ස්⁣ටූඩියෝ එකේ ඉන්නවද?කැමැත්තක්.."

ජන්ග්කුක් ජනේලෙන් එලිය බලාගෙන ඉන්න ජිමින්ගෙන් ඇහුවා..නිදාගෙන ඇහැරුනාට පස්සෙ ජිමින්ගෙ තත්වෙ ටිකක් හොද අතට හැරිලා තිබුනෙ..අනික පෙට් ශොප් එකෙන් පූස් පවුලකටම හරියන්න නානාප්රකාර දේවල් ගත්ත⁣ට පස්සෙ ජිමින් හිටියෙ කොහොමත් සතුටෙන්..

JM : "ම්..කාර් එකේ ඉන්නම්.."

JK : "ඇත්තටමද ?"

ජන්ග්කුක් සීට් බෙල්ට් එක ගලවලා කාර් එකේ දොරත් අරින ගමන් ආයෙත් ඇහුවා..

JM : "හ්ම්..ඔව්..ඉක්මනට එන්න.."

JK : "හරි එහෙනම්.."

ජන්ග්කුක් බිග්හිට් බිල්ඩින්ග් එක ඇතුලට දුවගෙන යන විදිහ බලාගෙන හිටපු ජිමින් ෆෝන් එක අතට ගත්තෙ වෙවර්ස් එක පැත්තට යන්න..

                     **************
V : "දැන් ප්ලෑන් එක පැහැදිලි⁣යිනෙ කුකී..දැන් එයාට අමාරුවක් නෑනෙ..ඔයාට තියෙන්නෙ ජිමින්ව එක්කගෙන එන්න විතරයි.."

ජන්ග්කුක් නලලත් අතගාන ගමන් කල්පනා කරා..

JK : "ඒක තමයි තියෙන ප්රශ්නෙ ටේ..අද නම් එයා අපාර්ට්මන්ට් එකෙන් එලියට එන්න කැමති වෙයිද දන්නෑ .."

SUGA : "යාහ් ජන්ග්කුකා ඔහොම පොඩි දෙයක්වත් කරගන්න බැරිද."

ජන්ග්කුක් හුස්මක් උඩට ගන්න ගමන් හිනාවුනා..

JK : "හ්‍යොන්ග් දන්නෑ එයාගෙ හැටි..සමහරවිට ටේ කිව්වොත්නම් කැමති වෙයි.."

ටේ නිකටට අත තියාගෙන ස්ටූඩියෝ එක ඇතුලෙ එහෙට මෙහෙට යන විදිහ හැමෝම බලාගෙන හිටියෙ ටේ ගෙන් අයිඩියා එකක් බලාපොරොත්තුවෙන්...

V : "හරි එහෙනම් අපි ප්ලෑන් බී එකට යමු..අපි ගෙදරදිම මේක කලොත් මොකද.."

JK : " ගෙදර ? හ්ම්..මොනව වුනත් කුමාවෝ හ්‍යොන්ග්.."

                       *************

Jimin POV

එක පාරම මගෙ ඇස් ඇරුනෙ දැනුන තද බඩගින්නක් නිසා..එලියට ඇස් හුරු වෙනකම් මං ⁣ටික වෙලාවක් සිවිලිම දිහා බලාගෙන හිටියා..රූම් එකේ තිබුනෙ ටේබල් ලෑම්ප් එකේ එලිය විතරයි..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now