07.Inseparable

452 128 8
                                    

ජින් එයාගෙ දිගු සිහින් ඇගිලි වලින් හරිම සීරුවට පොඩි මැට් එක උඩින් ⁣කිම් කොලයක් තියාගත්තා.

ඒකට උඩින් බත් ටිකක් අතුරලා පිලිවෙලින් හීනිය⁣ට දිගට කපාගත්ත කැරට්,තමුජි,කෙමත්සල්,ඔම්ලට් වගේම අන්තිමට උඩින් ස්පිනචි කොල ටිකකුත් තියලා තද කරලා ලස්සනට රෝල් කරගත්තා.

මේ විදිහට ජිමින් ආස විදිහට කිම්චි කිම්පප්,ටේ ආස විදිහට චම්චි කිම්පප් වගේ වර්ග කීපයකින් කිම්පප් දහයක් විතර හදාගෙන ඉවර වෙලා අන්තිමට බ්‍රශ් එකකින් සෙසමි ඔයිල් ටිකකුත් ගාලා ලස්සනට ඉහිරෙන්නැති වෙන්න කෑලි කපාගත්තා.

ජින්ට දැනුනෙ හරිම තෘප්තිමත් බවක්..

අද හැමෝටම ගොඩක් බිසී දවසක් වෙන බව හොදාකාරවම දන්න නිසා අනිත් හැමෝටම කලින් එලාම් එක තියලා ඇහැරුනේ එයාගෙ පොඩ්ඩො ටිකට උදේම කෑම හදන්න ඕන නිසා.

තවත් ටික වෙලාවකින් කිචන් එකට එන බඩගිනිකාරයෝ ටික ගැන දන්න නිසාම ජින් ඉක්මනට කෑම ටික හදලා කිචන් එකත් පිරිසිදු කරලා දැම්මෙ එයාටත් දැන් ලෑස්ති වෙන්න වෙලාව හරි නිසා.

උයන වැඩ වලට නම්ජුනී බොහොම කැමැත්තෙන් එකතු වෙන බව දන්නව වුනත් ජින් හිතාමතාම ජූනී ව ඇහැරවව්වෙ නැත්තෙ එයා ආවොත් එක වැඩේ දෙක වෙනවා කියලා දන්න නිසා.

**********

මේ අත⁣රෙ ටේ වොශ් එකක් දාගෙන වයිට් ශෝර්ට් එකයි ඒකට මැච් වෙන බ්ලැක් ටීශර්ට් එකකුයි ඇදගෙන රූම් එකෙන් එලියට ආවෙ හැමදාමත් වගේ උදෙන්ම කරන පලවෙනි රාජකාරියට පිටත් වෙන්න.

හේතුවක් නැතිව වුනත් උදෙන්ම ජන්ග්කුක්ගෙයි,ජිමින්ගෙයි රූම්ස් වලට පොඩි විසිට් එකක් දෙන්න ටේ අමතක කරන්නෙ නෑ.

**********

ජන්ග්කුකිත් මේ වෙද්දි ලෑස්ති වෙලා හිටියත් ඇදට වෙලා ඉදගෙන හිටියෙ තාමත් වෙලාව තියෙන නිසා.

අදත් ජන්ග්කුක්ගෙ මූනෙ තිබ්බෙ තත්පරේකටවත් මැකිලා යන්නැති හිනාවක්.ඒකට හේතුව වුනේ ඊයෙ රෑ නයිට් ස්ටෑන්ඩ් එකෙන් තියල ගිහින් තිබුන ගිෆ්ට් එක.

හරියට නත්තල් සීයාගෙන් තෑග්ගක් ලැබුනා වගේ සතුටෙන් හිටපු කුකී පර්ෆියුම් එක අතට අරන් ආයෙමත් ⁣පොඩි නෝට් එක කියවලා බැලුවා.

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now