• Bonus |

218 41 13
                                    


Song rec. :
Butterflies by MAX & Ali gatie

Jimin POV :

ජීවිතේ ලස්සනම දවස් ඇහිපිල්ලමක් ගහන තරම් වේගෙන් ගෙවිල යනවද කියල මට වෙලාවකට හිතෙනව.ඒ වගේ ආදරණීය පරිච්ඡේද වලට නැවතීමෙ තිත තියන්න හරිම ලෝභයි.ඒ වුනත් අපිටත් නොදැනිම ඔයා මම අපි හැමෝම සතුට,ආදරේ පිරුන මතක වගේම දුක,වේදනාව පිරුන මතක ගොන්නකුත් පොදිබැදගෙන එකිනෙකාගෙ ජීවිත කතාව පිටුවෙන් පිටුව ලියාගෙන යනව.සමහර චරිත ඒ 'ජීවිතය' කියන කතා පොතේ එක පිටුවකට දෙකකට විතරක් සීමා වෙද්දි සමහර අය පසුවදන ලියද්දිත් අපෙ තනියට ලගම ඉන්නවා.ඒ අපි වෙනුවෙන්ම මැවුන හරිම පිවිතුරු,පූජනීය සංසාරගත බැදීම්.

මීට අවුරුදු ගානකට කලින් මං බලාගෙන හිටියෙ හැම දරුනු ශීත ඍතුවක්ම ගෙවිල ගිහින් වසන්තය එනකම්.ඒත් අද 'මම' කියන්නෙ ඒ ශීත වැහි කුණාටු අස්සෙත් නටල සතුටු වෙන කෙනෙක්.⁣හැම කඩාවැටීමක්ම ආශිර්වාදයක් කියල හිතන කෙනෙක්.එහෙම නැතුව තවදුරටත් පරිපූර්ණ වසන්තයක් එනකම් බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි.

කවදටත් වඩා,සමහරවිට මේ ලෝකෙ කාටත් වඩා මං අද සතුටෙන්.ජීවිතේ ගෙවාගෙන ආව දුරෙන් ලැබුන අත්දැකීම් නෙවෙයි මාව වෙනස් කලේ.එයයි මාව වෙනස් කලේ.

මේ අසීමිත සතුටට හේතුව 'එයාගෙ ආදරේ'.

ඒ තමයි මගෙ මුලු ලෝකෙම.හැමදාමත් වගේ අදත් මගෙ හුස්ම වැටෙන්නෙ එයාගෙ නමින් විතරයි.මාව හිනස්සන්න,අඩවන්න,කියාගන්න බැරිව හිත අස්සෙ හිරවුන හැමදෙයක්ම තේරුම්ගන්න,මටත් වඩා මට ආදරේ කරන්න පුලුවන් එයාට විතරයි.එයා මගෙ අත තද කරල අල්ලගෙන ඉන්න තාක් කල් මං ජීවත් වේවි.

මගෙ ජීවිතේ වුන හොදම දේ එයාගෙ 'ජියෝන් ජිමින්' වුන එක.

ඔයාල හිතනව ඇති මං පරිණත වෙලා කියල.ම්..සමහරවිට.මං හිතන්නෙ එදාට වඩා අද මං ජීවිතේ වගකීම් ගැන හිතනවා.හැබැයි එයාගෙන් ඇහුවොත් කියාවි මං තාමත් එයාගෙ චූටි හුරතලේ කියල.

තවදුරටත් කුරුල්ලන්ගෙ කිචි බිචි සද්දෙට දවස පටන් ගන්න මට බෑ.මට ඕනෙ ඒ පපුව ගැහෙන තාලෙ ටික වෙලාවක් අහගෙන ඉදල ඇස් අරින්න.⁣දවසෙ මට මුලින්ම දකින්න ඕන මගෙ ලස්සන මල් පිරුන ගා'ඩ්න් එක නෙවෙයි.ම⁣ට ඕනෙ ඒ සනීපෙට පියවුන ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදල දවස පටන් ගන්න.රාජභෝජන තිබුනත් මට ඕනෙ එයා හදන අලුත් කෑම වල රස බලන්න.කොයිතරම් වෙලා ගිහින් තියෙන වෙලාවක වුනත් එයා කලබලෙන් මගෙ කොන්ඩෙට ශැම්පු දාල පෙන එනකම් හරිම සීරුවට මසාජ් කරන විදිහට මං ආස කලා.ඒ උරහිසට මූන තද කරගෙන දවසෙ වුන හැම දෙයක්ම රෑ මැදියම වෙනකම් කියවද්දි මොනතරම් මහන්සියෙන් හිටියත් එයා බෝල ඇස් ලොකු කරගෙන මං කියන හැමදේම අහගෙන ඉන්නව බලන්න මට හැමදාකම ඕන වුනා.හොරට ඇස් පියාගෙන නිදි වගේ ඉදල එයා මගෙ මුලු මූනම පරෙස්සමට සිපගන්න විදිහ විදින්න මං ආස කලා.ඒ හැම සියුම් ස්පර්ශයකින්ම මං ආයෙ ආයෙත් උපදිනව වගෙ මට දැනෙන්නෙ.අපි ජීවත් වෙන්නෙ මුලු ලෝකෙන්ම ඈත් වෙලා සතුට විතරක්ම පිරුන අපිම හදාගත්ත ලස්සන චූටි ලෝකෙක.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 18, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now