28. Hot chocolate

320 83 14
                                    

ජිමින් බාත්රූම් එකේ ඉදන් දුවගෙන ආව වේගෙට ජන්ග්කුක් ගෙ බෙඩ් එකේ කෙලවර කකුලෙ චූටි ඇගිල්ලත් හයියෙන් වැදිලයි නතර වුනේ..තරු පෙනුනත් ජිමින් ඒකත් ඉවසගෙන ජන්ග්කුක් ගෙ මූන දිහා බැලුවෙ නැවිලා කකුලත් අල්ලගෙන..

JM : "ආව්.."

JK : "යාහ්.. ජිමින් පරෙස්සමෙන්.."

ජිමින් එන දිහා බලාගෙන හෙමින් ඇසිපිය ගහපු කුකී සිහින් ගැඹුරු කටහඩකින් කිව්වා..

JM : "කු..කී.."

JK : "හ්ම්.."

ජන්ග්කුක් ඇස් වලින් එයා ලගට එන්න කියල ජිමින් ට කතා කරා..

ජිමින් ජන්ග්කුක් ලගටම ඇවිත් හිටගත්තෙ තොල් දෙකත් පෙරලන ගමන්..

ජන්ග්කුක් ඇස් ඇරගෙන හිටියෙ අමාරුවෙන් වගේ..වේලුන ලිප්ස් දිවෙන් තෙත් කරගන්න ගමන් කුකී ජිමින්ට හෙමින් කතා කලා..

JK : "ප..රෙස්සම් වෙන්න මැනික..ආයෙ වැටිල ඔලුවවත් වැදිල අහිංසක මාව අම..තක වෙලා ගියොත් එහෙම.."

ජන්ග්කුක් එහෙම කියල ජිමින් දිහා බලාගෙන හිනාවුනා..ජිමිනුත් අද දවසෙ පලවෙනි වතාවට ඇස් චූටි කරල එයාගෙ හස්බන්ඩ් දිහා බලල හිනාවුනා..

ජන්ග්කුක් ජිමින් ගෙ චූටි අතෙන් අල්ලගෙන මහපටැගිල්ලෙන් ඒ් අත හෙමින් අතගෑවෙ ජිමින් ගෙ මූන දිහා බලාගෙන..

JM : "ඔයාට රිදෙනවද කුකී.."

ජිමින් ඇහුවෙ ජන්ග්කුක් ගෙ පපුව දිහා⁣ට ඇස් ගෙනියන ගමන්..

JK : "හ්ම්..ටිකක් රිදුනා..හැබැයි දැන් ඔයාව දැක්කට පස්සෙ හොදවුනා වගේ.."

JM : "ඔහ් එහෙමද..එහෙනම් මගෙ අත අතාරින්න.."

JK : "වේ ?"

ජන්ග්කුක් ඇස් ලොකු කරල ජිමින් දිහා බැලුවා..

JM : "මං ඉක්මනට අනිත් රූම්ස් වල පේශන්ට්ස්ලත් බලල එන්නම්..එතකොට එයාලටත් ඉක්මනට හොද වෙයිනෙ.."

ජිමින් තොල් දෙකත් උල් කරගෙන කියවන විදිහට ජන්ග්කුක් ට හිනා යනවා..

මේ හුරතලේ නැතුව පහුගිය දවස් ටිකේ මොනතරම් දුකක් වින්දද කියල දන්නෙ ජන්ග්කුක්ම විතරයි..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now