38.Rose Petals

292 73 16
                                    

🍃...ඒක හරියටම කිරි සුදු වලාකුළු අස්සෙන් පේන පාට පාට ටියුලිප් මල් වලින් පිරුන , සීමාවක් පේන තෙක් මානෙක නැති මල් යායක් වගේ.ලා මීදුමකින් වැහුන ලස්සන පාරක් දිගේ ජන්ග්කුක් ඇවිදගෙන ගියා.මේ හෙවන් එක නේද ?

එක පාරම ජන්ග්කුක් ගෙ කකුල් නැවතුනේ සුදු පාට මල් අතු වලින් බර වුන ගහක් පාමුල මූන අත් වලින් වහගෙන ඉදගෙන ඉන්න , අවුරුදු ගානකට කලින් එයාගෙ හීන ලෝකෙම අයිති කරගත්ත ඒන්ජල් ලග..

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දරත්වයේ ප්රතිමූර්තියක්..අතිදක්ෂ කලාකරුවෙක්ගෙ අතෙන් හරිම පරෙස්සමට ඇදපු චිත්‍රයක් වගේ.සුදු දුහුල් දිග ඇදුම ඇතුලෙන් ඇත්දල පැහැ සම,ඇගේ හැඩ රේඛා හරිම ලස්සනට පේනවා.අලු මිශ්‍ර සුදු පාට වින්ග්ස් ඒ චූටි ඇගට බර වැඩිද කියලා ජන්ග්කුක් ට හිතුනා.මුල්ම වතාවට දැක්කා වගේ අදත් ජන්ග්කුක් ඒ ලස්සනට වශී වෙලා බලාගෙන හිටියා..

ඇසිපිය නොගහ ඒ ලස්සන ඒන්ජල්  දිහා බලාගෙනම ජන්ග්කුක් ලගට ඇවිත් දනහිස් තියල ඒ මීදුම් පටලය උඩින් වාඩි වුනා.ජන්ග්කුක් ට ඒ චූටි අත් වලින් වහගෙන ඉන්න මූන බලන්න ලොකු ආසාවක් ආවා...ඒත් ජන්ග්කුක් ට ඇහුනා එයා ලාවට ඉකිගහන සද්දයක්.ඒ අඩන ශබ්දය පවා හරිම මිහිරියි.හරියට සිහින් වයලින් වාදනයක් වගේ..

JK : " ඒන්ජල් , ඔයා හොදින්ද ? ම්..ඇයි අඩන්නෙ ?"

ඔව්..එයා මූන උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා.ජන්ග්කුක් ගෙ ඇස් පුදුමෙන් ලොකු වුනා..සිල්වර් පාට කොන්ඩෙත් එක්ක ඒ සුදු මූන දිලිසෙනවා.චූටි නහය,රෝස පාට තොල්,පිරුන කම්මුල්..ඊටත් වඩා ඒ හුරුපුරුදු ඇස් ජන්ග්කුක් දිහාම බලාගෙන හිටියා..

JK : "ජි..ජිමින් ?"

JM : "ජන්ග්කුකී ?"

ජන්ග්කුක් තවත් ලං වෙද්දි ජිමින් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා.. ජන්ග්කුක් ව ජිමින් ගෙන් ඉහිරුන සුදු පාට සිනිදු පිහාටු වලින් නෑවුනා..ජන්ග්කුක් බිම ඉදගෙනම එයා ඉස්සරහ ඉන්න අදහගන්න බැරි තරම් ලස්සන ඒන්ජල් දිහා බලාගෙන හිටියා.ඒත් ඒ මූනෙ තිබුනෙ දුකක්,වේදනාවක්..

JK : " ඇයි ඔයා දුකෙන් ?"

ටික වෙලාවක් බලාගෙන හිටපු ජිමින් ජන්ග්කුක් දිහාට අත දික්කරා.ජන්ග්කුක් ඒ සිනිදු අත අල්ලගෙන නැගිටලා ජිමින් ඉස්සරහින් හිටගත්තා.ඊට පස්සෙ ජිමින් ජන්ග්කුක් ගෙ අතෙන් අල්ලගෙන රෝස මල් යායක් මැදින් හෙමින් ඇවිදගෙන ගියා..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now