29.With you

325 82 11
                                    

සතියකට පස්සෙ ජන්ග්කුක් ඩිස්චාර්ජ් වෙලා ගෙදර ආවා..දැන් බොහෝ දුරට සුව අතට හැරෙමින් තිබුනත් ටික කාලයක් රෙස්ට් කරන්න වුන නිසා හැමදෙයක්ම බලාගන්න වුනේ ජිමින් ට.

කම්පනි එකේ වැඩ,ගෙදර වැඩ,ඒත් එක්කම එයාගෙ හස්බන්ඩ් ගෙ හැමදෙයක්මත් තනියම කරගන්න වුන නිසා ජිමින් ව මේ කාලෙ ගොඩක් කාර්යබහුල වුනා..

ඇත්තටම ජන්ග්කුක්ට දැන් කිසිම අමාරුවක් නැති වුනත් ජිමින් ලග බොරුවට හුරතල් වුනේ පොඩි ලමයෙක් වගේ.

ජන්ග්කුක්ගෙ දවසෙන් බාගයක් ගතවුනේ නෙට්ෆ්ලික්ස් එකේ.ඉතුරු බාගෙ ගේම් ගහනව.අතරමැද ටික කනව,නිදියනව,ජිමින් දිහා බලාගෙන ඉන්නවා,ජිමින් ව අවුස්සනවා,රන්ඩු වෙනව,යාලු වෙනව..ඔය විදිහට තමයි කාලෙ ගෙවුනෙ..

ගොඩක් දවස් වලට ටේගි දෙන්නා වගේම අනිත් හ්‍යොන්ග්ලත් හවස් වරුවම හිටියෙ ජීකුක් අපාර්ට්මන්ට් එකේ..

***********

මේ ගතවෙන්නෙ ජිමින් අවුරුද්දෙ වැඩියෙන්ම ආස කරන ශීත දෙසැම්බරයෙ මුල් දවස් කිහිපය..

අදත් සෝල් වලට මද අදුරක් තිබුනත් ලාවට හිම වැටෙන හරිම ලස්සන සීතල දවසක්..

JK : "ජිමින්ශීඊඊඊඊඊඊඊඊඊඊඊ.."

මුලු බෙඩ් එක පුරාම එහාට මෙහාට පෙරලිලාම අන්තිමට ජන්ග්කුක් ගෙ කකුල් දෙක තිබුනෙ ⁣හෙඩ්බෝඩ් එක උඩ..මූන තිබුනෙ බෙඩ් එකේ අනිත් කෙලවරේ බිමට ලං වෙලා..අත් දෙක තිබුනෙ බිම..හැබැයි ඇස් දෙක තිබුනෙ නම් බාත්රූම් එකේ දොර ලග..

තවත් තත්පර ගානකින් ජිමින් බාත්රූම් එකේ දොරත් ඇරගෙන ඉක්මනට එලියට ආවෙ ජන්ග්කුක් නැවතීමක් නැතුව බෙරිහන් දෙන නිසා..

ජිමින් ලගින් ආව වැනිලා සුවදෙන් මුලු රූම් එකම පිරුනා..

ටවල් එකත් ඇදගෙන කොන්ඩෙ වතුර අතෙන් ගසන ගමන් රවාගෙන එලියට එන ජිමින්ව දැක්ක ගමන් මුනින් අතට හැරිලා හිටපු ජන්ග්කුක් හිනාවෙවී ඇදෙන් වාඩිවුනා..

JK : "ඇයි මෙච්චර වෙලා ගියෙ බේබ්?"

JM : "ආයිශ් කුකී..විනාඩි පහලවක්වත් ගියෙ නෑ..කෑගහන්නෙ මොකද.."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now