08.You & I

482 123 8
                                    

JH : "අහන්න..හැමෝම වොයිස් එක වෝම් අප් කරගෙන රෙඩී වෙමු නේද නම්ජූනී ඇතුලට එන්න කලින්.."

හය දෙනාම හිටියෙ රෙකෝඩින් ස්ටූඩියෝ එකේ..

කවුච් එකේ වැටුන වැටුන තැන් වලට වෙලා කට්ටිය ෆෝන් වලට මූන ඔබාගෙන ඉන්නව දැකපු හොබී හැමෝටම කතා කලා.

ඔව්..අපාර්ට්මන්⁣ට් එකේදි වගේ නෙවෙයි වැඩ පටන් ගත්ත ගමන් හොබී හරිම ⁣ප්‍රොෆෙෂනල්.ඒ වගේම මෙම්බර්ස් ලත් හොබී කියන හැම වචනයක්ම ඉස්මුදුනෙන්ම පිලිගන්නවා වගේම පුදුමාකාර විදියට රෙස්පෙක්ට් කරනවා.
ඒක තමයි අනිත් අය ලග අඩු එයාල ලග තිබුන විශේෂත්වය..

හැමෝම ඔලුව හොල්ලලා කොන්ද කෙලින් කරලා ඉදගත්තා...

යුන්ගියයි,හොබියයි එයාලගෙ රැප් ලයින්ස් ප්‍රනවුන්සියේෂන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා.
වෝකල් ලයින් එකත් එයාලගෙ මිහිරි කටහඩවල් වෝම් අප් කරන්න පටන් ගත්තා..
මුලු ස්ටූඩියෝ එකම දැන් හරිම බිසී.

ජිමින් රූම් එකේ කෙලවරක⁣ටම ගිහින් නිදහසෙ ප්‍රැක්ටිස් කරන්න ගත්තෙ වොයිස් එක ටිකක් ස්ටේබල් නැති ගතියක් දැනුන නිසා.

JK : "ජිමිනා මොකද කටහඩට වෙලා තියෙන්නෙ.මුලින්ම කැෆේ් එකට ගිහින් එමුද.හොට් කොෆී එකක් බීලා එමු..."

JM : "අා..ආනියා..දැන් නම්ජූන් හ්‍යොන්ග් එයි.ඒක හරි යයි."

ජන්ග්කුක් කට වහගත්තා.මොකද දණගහලා වැදලා කිව්වත් ජිමින් කිව්වොත් දෙයක් වෙනස් කරන්නෙ නෑ කියලා එයා දන්නවා.

ජන්ග්කුක් ආයෙත් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ලිරික්ස් ටික කියවන්න ගත්තා.

මිනිත්තු කිහිපයකින් නම්ජූන් දොර ඇරගෙන ඇතුලට ආවා.

RM : "මෝනින් ගයිස්,
ප්‍රැක්ටිස් කරාද ලයින්ස් ටික?ජන්ග්කුකා? "

හැමවෙලේම එකට ඉන්න හොදම යාලුවෝ වුනත් නම්ජූන් කෙලින්ම ජන්ග්කුක්ගෙන් අහද්දි කුකීගෙ බඩ පෙරලෙනවා වගේ එයාට දැනුනා.

JK : "ඔව් හ්‍යොන්ග්.."

RM : "හරි එහෙනම් ඔයා මුලින් යන්න."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now