18.His Moon

411 103 11
                                    

               

ජන්ග්කුක් එයා දිහාට එනව දකිද්දි ජිමින් ට කරකියාගන්න දෙයක් නැතුව පස්සෙන් පස්සට ගිහින් සීතල ග්ලාස් එකට හේත්තු වුනා.

JM : "ජ..ජන්ග්කුක් ??"

ජිමින්ගෙ ඇගට ගෑවෙන නොගෑවෙන තරම් ලගට ආව ජන්ග්කුක් ජිමින්ගෙ මූන දෙපැත්තෙන් වෝල් එකට අත් තියල ඒ මූනට ලං වුනා.

ජිමින් තද කරල ඇස් වහගෙන,තොල් දෙකත් තද කරගෙන වෝල් එකට ඔලුව තියා⁣ගෙන ඉන්න දිහා ජන්ග්කුක් බලාගෙන හිටියා.

JK : "ජිමින්..ඇස් අරින්න බේබි.යාහ් මං මොකුත් කරන්නෙ නෑ.."

ජන්ග්කුක් හිනාවෙවී කිව්වෙ එක අතකින් ජිමින්ගෙ කම්මුලක් අතගාන ගමන්.

ජිමින් හෙමින් ඇස් ඇරියා.

දෙන්නම එකිනෙකාගෙ ඇස් දිහා බලාගෙන හිටියෙ වචනයක්වත් කතා නොකර.ඒත් දෙන්නගෙම ඇස් හරි ලස්සනට කතාකරනවා.

ජිමින් සතියක් තිස්සෙ බලාගෙන හිටියෙ ජන්ග්කුක්ව ආයෙත් දකින්න ලැබෙන්නෙ කවද්ද කියලා.මේ දවස් ටික පුරාවටම කාටවත්ම නොකියපු දුක,වේදනාව එයාගෙ ආදරේ ලග කදුලු එක්ක දිය වෙලා යන්න ගත වුනේ තත්පර කිහිපයක් විතරයි.

නැවතීමක් නැතුව කදුලු ගලන ඒ ඇස් දකිද්දි ජන්ග්කුක් ට එකපාරම බයත් හිතුනා.

JK : "ජිමින්..අඩන්න එපා ප්ලීස්...මං හැමදේම කියන්නම්.ඔයා හිතනව වගේ කිසිම දෙයක් මෙතන වෙලා නෑ.තේරුනාද.අඩන්න එපා මැනික."

ජන්ග්කුක් ජිමින්ගෙ මූන අත් දෙකෙන්ම අල්ලගෙන කිව්වෙ ඇස් වලින් ගලන කදුලු මහපටැගිල්ලෙන් පිහදාන ගමන්.

ජිමින් කතා කරන්න වචන හෙව්වත් එයාගෙ තොල් වෙව්ලනවා.

ඇත්තටම ජිමින් හිතාගෙන හිටියෙ ජන්ග්කුක් එයාව මගහරින්න ට්‍රයි කරනවා කියලා.

JK : "අඩන්න එපා බේබි ප්ලීස්..මියානේ..මියානේ..ආයෙත් කවදාවත් එහෙම වෙන්නෙ නෑ ම්..ආයෙත් කවදාවත් ඔයාව තනිකරන්නෙ නෑ.මං පොරොන්දු වෙනවා.මං ආදරෙයි ජිමින්...
ම්..මට මැනේජර් එක්ක පොඩි ප්‍රශ්නයක් වුනා.මේ දවස් ටිකම මං ඒ සිද්ධිය නිසා තරහෙන් හිටියෙ.මට තනියම ඉන්න ඕන වුනා..."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now