14. Miss You

421 109 2
                                    

JK : "ජිමින්?"

        "ජිමිනා ??"

        "ජිමින්ශී ???"

        ⁣" බේබි මෝචි ????"

        " පාර්ක් ජිමින් ?????"

ජිමින්ගෙ ශර්ට් එකේ අතෙන් අදින ගමන් ජන්ග්කුක් පුලුවන් හැම විදිහකටම ට්රයි කලේ තරහ වෙලා ඉන්න එයාගෙ ⁣බෝයිෆ්රෙන්ඩ්ව යාලු කරගන්න.

JM : "ආයිශ්, කට වහනවා මෝඩ ජියෝන්."

JK : "..හ්ම් දුෂ්ට මෝචි.දැන් මං ගියාම සතියක්ම ඔයාට සැනසීමෙන් ඉන්න පුලුවන්.. "

ජන්ග්කුක් මූන ඇද කරලා බිමට හරව⁣ගත්තා..

අනිත් අතෙන් ඇගිල්ලෙ තිබුන රින්ග් එක කරකව කරකව ඒ දිහාම මෙච්චර වෙලාවක් බලාගෙන හිටපු ජිමින් ඇස් දෙක උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා.

JK : "හිනාවෙන්නකො ජිමිනී..ප්ලීස්..කෝ මේ විදිහට..හී.."

ජන්ග්කුක් කියුට් විදිහට කිව්වෙ ජිමින්ගෙ මූනට එබිලා.ජිමින් හිත ඇතුලෙන් හිනා වුනා.ඒත් මූනෙ හිනාවක සේයාවක්වත් නෑ.

JM  : "ආහ් ශිට්, පොඩි ලමයෙක් වගේ විකාර කරන්න එපා ජන්ග්කුක්.බලාගෙන ඉන්නත් එපා වෙනවා."

JK : "හ්ම්..මං දන්නවා ඉතින් අනිත් කොල් ලො වගේ මං කියුට් නෑ කියලා."

ජන්ග්කුක් ආයෙත් මූන බිමට හරවගත්තා.ඒත් ජන්ග්කුක්ගෙ ඔලුවෙ වැඩ කරේ වෙනම ප්ලෑන් එකක්.ඒ විදිහට දුකෙන් ඉන්න බව ඇක්ට් කරපු ගමන් ජිමින්ගෙ හිත උනු වෙනව කියල එයා දන්නවා.

ඒක හරි..ජිමින්ට එකපාරම ජන්ග්කුක් ගැන දුකක් වගේම බයක් දැනුනා.

JM : "ආනී ආනී..ඔයානෙ මාව තරහ ගස්සන්නෙ.මං එහෙම හිතල කිව්වෙ නෑ.ඔයා කියුට් ජන්ග්කුක්.කොච්චර කියුට්ද කියනවනම්..ම්..මං දැකපු කියුට්ම කොල් ලා ඔයා.වෙන ⁣කොහෙවත් ඉන්න අයත් එක්ක ඔයාව සසදන්න එපා.එයාලත් එක්ක බැලුවම ඔයා මට.."

ජිමින් කතාව නැවැත්තුවෙ ජන්ග්කුක්ගෙ බිමට හරවගෙන ඉන්න මූනෙ මතුවෙන කපටි හිනාව දකිද්දි.

JK : "ඔව්.. මං ඔයාට...මොකක්ද..මං ඔයාට නිකම් රාජකුමාරයෙක් ලැබුන වගේද..ම්.."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now