01

1.8K 132 31
                                    

" චූටි මහත්තයා...නැගිටින්නකො ළමයො "

"ම්ම්හ් .."

මොන වදයක්ද මන්දා නිවාඩුව ට ගෙදර ඇවිල්ලා වත් සැනසීනෙ නිදා ගන්න නෑ ..

" නැගිටින්නකො දරුවො ..නැගිටලා ලෑස්ති වෙන්නකො "

දඩ් !! දඩ් !!

නැන්දා ජනෙල් දෙකත් ඇරලා ආයෙත් මට කතා කරා..

" ඔයා නොහිටියොත් අයියගෙ හිත රිදෙයිනෙ දරුවෝ "

"ම්ම්.."

අන්තිමේදි මන් නැගිටලා ඉදගත්තම නැන්දා යන්න ගියා...

මන් නිදිමත බේරෙන ඇස් පිහන ගමන් කාමරෙට බැල්මක් දැම්මා..

ඊයෙ රෑ ඇවිල්ලා කාමරේට රිංග ගත්තා මිසක් මෙලො පන් දෙයක් බලන්න මට සිහියක් තිබ්බෙ නෑනෙ..

තාමත් ඒ වගේමයි ..ඇද අල්මාරිය ජනේලෙ බිත්තිය පැත්තට දාලා තිබුන මේසේ  කිසි වෙනසක් නෑ අවුරුදු පහකට කලින් යනකොට තිබ්බ විදිහ මයි..

මන් ඇදෙන් නැගිටලා මෆෙ නිරුවත් පපුව අත ගාන ගමන් ජනේලෙ ලගට ගිහින් ඇරලා තිබුන ජනේලේ යකඩ කූරු අතරින් එලිය බැලුවා...

කාක්..කාක්...කා..ක්

'කන් කරච්චලේ '

"කාක්කා ශොයි!! ශොයි !! "

ඇඹුල් දොඩන් ගහේ ඉදන් උදේ පාන්දර අඩන කරච්චලෙ මට වගේම අහන් ඉන්න බැරි කෙනෙක් කාක්කව එලවන්න කෑ ගහනවා..

" එපා එලවන්ඩ "

"ඇයි !! "

මට ඇහුනේ තරහා ගියපු කෑ ගැහිල්ලක් ..පුංචි උනත් සැරයි ගම්මිරිස් ඇටේ වගේ නොරුස්සන ස්වරූපයක් තිබ්බත් ඒ හඩේ හැංගුන හුරතලයක් තිබ්බා .

"ඇයි අත්තම්මා.. ඇයි..??"

මට ඇහෙන සංවාදෙට මන් තව තවත් කන් දික් කරා..

" ඇඹුල් ගහක ඉදන් කපුටො අඩන්නෙ අමුත්තො එනකොටලු "

" ඔය ඇත්තමද අත්තම්මා...එතකොට ඒ කපුටා ඇවිත් තියෙන්නෙ අපිට පණිවිඩෙ කියන්ඩද..නුවර වලව්වෙන් එනවා කියන්ඩද  "

" ම්ම් ම්ම් "

" ඒ වුණාට අත්තම්මා අපි දැන්ටමත් ඒ පණිවිඩේ දන්නවනෙ ඈ අත්තම්මා..මේ කපුටත් නිකන් පාවිච්චි කරන්නෙ ඩයලොග් වගේ නේ  ..හරිම ස්ලොව් "

උරුමක්කාරයා Where stories live. Discover now