41

318 54 12
                                    

ඇත්තම කිව්වොත් හරිම සුන්දර දවසක් .. කොච්චර සුන්දරද කියනවා නම් මම උන්නේ වත්තේ තියෙන ගහක් යට වාඩි වෙලා නිදහස බුක්ති විදින ගමන් .

අතේ තිබුන අලුත්ම  ස්කෙච් බුක් එකයි පැන්සලයි මගෙ නිදහසට සාක්කි කියනකොට මම මා එක්කම හිනා උනා .

ඇත්තටම තාම උදේ හතහාමාරට විතර ගෙදර උන් නිදි අහල්‍ය ස්කෝලෙ ගිහින් .

ඒත් මම උන්නේ මිදුලේ  අහසට අයිති වාසිකම් කියන්න එන ඉර එලිය යටට වෙලා . කොලම කොල පාට තනකොල ගොඩේ වාඩි වෙලා ලොකු නමක් වත් දන්නෙ නැති ගහකට හේත්තු වෙලා ඒ ගහේ අතු පතරින් පෙරිලා ඇවිත් මගෙ ඇගට වැටෙන රත්තරන් පාට ඉර එලියෙ රස්නෙට දැනෙන අමුතු හැගීමත් එක්ක  , මන් මා එක්කම හිනා වුණා .

මන් පිස්සෙක් වෙලා ද කොහෙද ..

.
.
.

" ආ...ව්....ව්ව්..අවූ... අවූ...." මාව එක පාර උඩ ගියේ මගේ ලගට කොහෙදෝ ඉදලා දුවගෙන ආව බල්ලෙක් නිසා ..

"ස්කයි ???? " 

" ආව්... ආවූ... "  මගෙ ඇස් දෙක ලොකු උනේ ඒ වෙන මොකෙක් වත් නෙවෙයි ස්කයි කියලා තේරෙනකොට ..ඒත් ස්කයි කොහෙද මෙහේ..

"මගෙ කොල්ලා පාලුවෙන්ද හිටියෙ මන් නැතුව ම්ම්ම් "

ලගට අරගෙන හුරතල් කරන ගමන් අහනකොට ඌ මට උගේ භාසාවෙන් උත්තර දුන්නා ..

"ඉතින් කොහොමද බොසා "

කට හඩක් ඇහෙනකොට ස්කයිව හුරතල් කිරිල්ල පැත්තකට දාපු මම උඩ බැලුවා ..

රහේනයගෙ ඉතුරු භාගේ .. යේශ් ..

"ශේප් .. උබ එක්කද ස්කයි ආවේ "

"ම්ම් .. අයාගෙ ගෙදරනේ උන්නෙ .. "

ඒ කියන්නෙ මෙච්චර දවස් ස්කයි ඉදලා තියෙන්නෙ අරූ ගාවද .

"ඒක නෙවේ මට අරූව ආයෙ හම්බුනානේ "

"කාව " මන් ඇස් දෙකත් පුංචි කරගෙන ඌ දිහා බැලුවා .

"ලෙසල් " 

"ලෙසල් ?? ඉතින් මොකද ඌ කිව්වෙ "

"පරිස්සම් වෙලා ඉන්ඩයි කිව්වෙ " මට හිනා ගියා ඌ ඒක කියපු තාලෙට .

"ඉතින් උඹ හා කිව්වද "

"මන් කිව්වා මන් ගැන වද උනාට ස්තූති කියලා "

උරුමක්කාරයා Where stories live. Discover now