06

482 67 6
                                    

"උඹලා දෙන්නා ගිහින් කාපල්ලා මට වැඩක් තියෙනවා "

මොකද්ද කින්ද මන්ද අහන්නත් කලින් එහෙම කියලා අයේෂ්‍ය පන්තියෙන එලියට යන දිහා රහේන් වගේම මේසෙයි පුටුවයි අතර කකුල හිරකරගෙන නැගිට ගන්න බැරුව දගල දගල උන්න යේශුත් කට ඇරගෙන බලාගෙන හිටියා..

"අඩෙව් හුත්තෝ මට උදව් කරපන් " තුවාල් අත නිසා මේසෙ එහාට කර ගන්න බැරුව යේශ් අන්තිමට කෑ ගැහුවා..

"අම්මෝ බන් කව්ද බන් උබව ඒ ලෙවල් ක්ලාස් එකට දාපු එකා "

සුපුරුදු පරිදි ‍රහේන් නොහොක්කාඩු කියන ගමන් මේසෙ ඉස්සරහට අරගෙන හිර වෙලා තිබ්බ යේශ්ගෙ කකුල එලියට ගත්තා..

අයේෂ්‍ය කෙලින්ම ගියෙ කොමස් එකට ඒ ශ්‍රීව හොයාගෙන ..ඒත් අයේෂ්‍ය හොයන කෙනා පන්තියෙ නැති වෙද්දි හැරිලා යන්න හැදුවත් ඇහුන හඩට එතනම නතර උනා..

" ඒ අයා මොකො මේ පැත්තේ " ප්‍රිෆෙට් බෝඩ් එකේ සමාජිකයෙක් අයේෂ්‍ය ගෙ ඉස්සරහට ආවේ ඉදුල් ගෑවුන අතත් උස්සගෙන ..

"මොකො සීන් එක "

" ආ නෑ බන් ..ළමෙක් හොයන්න ආවේ "

"කව්ද "

"ශ්‍රී "

"කව්ද අර එහා වැටේ ඩයල් එක "

"ඔව් බන් ...උබ කකා ද උන්නෙ "

අයේෂ්‍ය ඒ එක්කම තවත් ප්‍රශ්නයක් ඇහුවෙ නැත්තන් හොයන්නෙ මොකටද කින්ද මන්ද වෙනකන්ම මේ ප්‍රශ්න ඇහිල්ල දුර දිග යන බව අත්දැකීමෙන් ම දන්න නිසා ...

" ආ ඔව් බන්..ශ්‍රී නම් පලවෙනි පීරියඩ් දෙකෙන් පස්සෙ මන් දැක්කෙ නෑ බන් "

දැන් කොල්ලට ආයෙමත් බත් එකකට හොම්බ දාන්න හදිස්සිය ..අවසන් ගමන් ගියත් කාල යන්න ඕනා කියනවනෙ ..

"හරි බන් මන් බලන්නම් " කොල්ලගෙ පිටටත් තට්ටුවක් දාලා අයේෂ්‍ය ශ්‍රී ඉදී කියලා හිතපු හැම තැනකම ගිහින් බැලුවත් අයේෂ්‍ය ට ශ්‍රී ගෙ හෙවනැල්ලක් වත් හොයා ගන්න බැරි උනා..

ඊලගට වැටිලා තියෙන්නෙ git නිසා අයේෂ්‍ය ඒ ගැන වැඩිය නොහිතා ආයෙමත් කොමස් එක පැත්තට ගියා..

" අයේෂ්‍ය පුතා.." යන්න ගියපු ගමන ඔහොම්ම නතර කරලා කොල්ලට උනේ ප්‍රින්සිපල් ඔෆිස් එක ළග නතර වෙන්න ...
.
.
.

උරුමක්කාරයා Tempat cerita menjadi hidup. Temukan sekarang