29

294 57 37
                                    

"මොකද්ද බන් ඕකේ තේරුම දැන් මන් දවස් ගානක් තිස්සෙ බලාගෙන තෝ ලේන්සුවක් දිහා බලාගෙන භාවනාව

නැත්තන් කුඩු කාරයා කුඩු උරනවා වගේ ඔය මගුල නහය ට තියලා උරනවා ..

මොකද්ද උබට වෙලා තියෙන්නෙ අයා .. "

මේ ඉවර වුනේ අපි ස්කෝලේ ආපු අන්තිම දවස් තුන .. අපේ පන්තියේ පිටිපස්සෙ මේසෙකට හේත්තු වෙලා මන් ඇබ්බැහි වුන සුවද උරා ගත්ත ලේන්සුව එක අතක තියාගෙන අනෙක් අත සාක්කුවට දාගෙන ඔහේ බලන් ඉන්නකොට යේශ් ඇවිල්ලා කියවන්න ගත්තා .. සති දෙකක් තිස්සෙ මම ලේන්සුවක් දිහා බලාගෙන කල්පනා කරනවා සමහර විට ඌටත් බලාගෙන ඉන්න බැරි තැන ම වෙන්න ඇති . ඒ සුවද අන්තිමට මන් විදලා සති දෙකක් වෙන්න එනවා එදයින් පස්සෙ මට ඒ රූපෙ ආයෙම ඈතකට වත් දකින්න බැරි උනා .. ඌ අතුරුදහන් වෙලා ගියා . යේශ් එක්ක එතන්ට ආපු රහේන් මගේ අතේ තිබුන ලේන්සුව දිහ ටික වෙලාවක් බලන් ඉන්නකොට මන් ඒක සාක්කුවට දාගත්තම ඌ මගේ මූණ දිහා තප්පර ගානක් බලන් ඉදලා අහක බලා ගත්තා .

අද තමයි මන් මේ බැජ් එක ගහන් ඉන්න අන්තිම දවස . අද බැජ් භාර දෙන දවස ඉතින් අද ඉදන් අපේ ඉස්කෝලේ අලුත් කෙනෙක් හෙඩ් ප්‍රිපෙට් වෙලා ඒ තනතුර භාර ගන්නවා . එතකොට තව දුරටත් මම හෙඩ් නෙවෙයි .

ඒ වගේම අදින් පස්සෙ අපි ආයෙම මේ යුනිෆෝම් එක අදින්නේ එක්සෑම් එකට විතරයි ..

හ්ම්ම්...

lag ja gale ke phir yeh
හිතවත මා තදින් වැලද ගන්න

haseen rat ho na ho
කවුද දන්නෙ මේ ලස්සන රාත්‍රී ය  ආයේ කවදා එයිද කියලා

shayad phir iss janam mein
අපි මේ ජීවිතයේදි

mulaqat ho na ho
නැවත කිසිදා හමු නොවෙන්න පුලුවන්

lag ja gale Ae Ae
ඉතිං හිතවත , මා තදින් වැලද ගන්න

lag ja gale ke phir yeh
හිතවත මා තදින් වැලද ගන්න

haseen rat ho na ho
කවුද දන්නෙ මේ ලස්සන රාත්‍රී ය  ආයේ කවදා එයිද කියලා

shayad phir iss janam mein
අපි මේ ජීවිතයේදි

mulaqat ho na ho
නැවත කිසිදා හමු නොවෙන්න පුලුවන්

lag ja gale Ae Ae
ඉතිං හිතවත , මා තදින් වැලද ගන්න

කලුවර රෑ අහස යට මුහුදු රල අවිත් වෙරලේ හැප්පි හැප්පි ආයෙමත් යන සද්දෙ අතරින් .. මුහුදු හුලගේ සද්දෙ ට මුසු වෙලා   ඇහුන කටහඩ මන් අහන් හිටියා ..

උරුමක්කාරයා Where stories live. Discover now