38

281 59 13
                                    

චිත්‍රයක් කියන්නෙ අපේ ඇතුලාන්තයෙන්ම හදවතින්ම කරන දෙයක් වුණත් කැන්වස් එක ඉස්සරහට ගියහම මගේ හදවත ගල් වෙලා වගේ දැනෙනවා .

පින්සල අතට ගත්තත් මගෙ ඇතුලාන්තය හිස් වගෙ දැනෙනවා . මට හිතා ගන්න බෑ මන් මොනාද අදින්න ඕනේ කියලා ..

එක වරුවක් එක දවසක් නෙවෙයි හිත නිදහස් කර ගන්න කියලා කැන්වස් එක ඉස්සරහට ගියාට දවස් තුනක් යනකන් අදින්න ඕන මොනවද කියන්න මට හිතා ගන්න බැරුව කල්පනා කරා .

මේ සුදු පාට කැන්වස් එක හැංගීම් වලින් පුරවලා දාන්නෙ කොහොමද කියලා මම කල්පනා කරා ..

" ම්ම් මේක බීපන් " බ්ලැක් කොෆි එකක් අරගෙන ඇවිත් මගෙ අතට දෙන ගමන් කාමරේ ඇද උඩින් රහා ඉද ගත්තා .

මන් කාමරේ තිබුන ලොකු විදුරුවෙන් ඈත පේන මුහුද දිහා බලන් හිටියා . මන් මෙහෙට ආපු දවසෙ ඉදන් ම වැඩි හරියක් කරේ ඒක .

මුහුද දිහා බලන්න ගත්තම ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ මට . මුහුද නිකන් මාත් එක්ක කතා කරන්න හදනවා වගෙ . ඒ දිහා බලන් උන්න හැමදාකම හරියට මට ලගට එන්න කියනවා වගේ මට දැනුනේ .

ඒත් රෝද පුටුවක් උඩ ඉන්න මම කොජොමද එතන්ට යන්නෙ . නැත්තන් මම මීට කලින් එතනට ගිහින් .

"රහා "

"ම්ම්." මන් කතා කරපු ගමන්ම මට උගෙන් උත්තර ලැබුනත් තප්පර දෙක තුනක් මම ආයෙත් කල්පනා කරා .

"මාව එලියට එක්ක යමන් "

මන් දන්නෙ නෑ . මට් ඌව පේන්නෙ නෑ මොකද මන් ඉන්නෙ ඌට් පිටුපාලා . සමහර විට ඌ මා දිහා පුදුම වෙලා බලගෙන ඉන්නවා ඇති .

"යමු "

ඌ දවස්ගානක් තිස්සෙ මාව එලියට අරගෙන යන්න දත කෑවත් මම නෙවේ කැමති උනේ ඉතින් අද මම ම යන්න ඕනය කියනකොට ඌ පුදුම නොවුනොත් අන්න ඒක නම් පුදුමයක් .

ඉතින් අන්තිමට මන් හිටියේ අන්තයක් නොපෙනෙන මුහුද දිහා බලාගෙන . ලංකාවෙ මුහුද වගේ නෙවෙයි මෙහෙ මුහුද සැර නෑ .

මන් පැය ගානක් තිස්සෙ මුහුද දිහා බලන් හිටියා . ඉර පැහැලා ගියා . ඒත් රහා නෙවෙ ඇතුලට යමු කියලා වචනයක් වත් කිව්වෙ . ඌ මට තනියම පාඩුවෙ ඉන්න ඇරියා .

උරුමක්කාරයා Where stories live. Discover now