12

317 61 8
                                    

"මොනා හරි ඕනේ නම් අයේෂ්‍ය ට හරි මට හරි කියන්න හරිද "

ඉමන්ද අයියා අහල්‍ය ගෙ ඔලුව අතගාලා කිව්වා .

"මේක තියාගන්න ඔයාට හදිස්සියක් උනොත් ගන්න "

දාහෙ කොල වගයක් කොල්ලගෙ අතේ මිට මොලවපු අයියා අන්තිමට යන්න ගියා .

මන් යනකොට කොල්ලා මේසෙ ලගට වෙලා යේශ් ගේ වතුර බෝතලේ දිහා බලන් ඉන්නවා .

"මේක කාගෙද බේබි .. "

"යේශ් ගේ .. "

"ම්ම් "

"ඕනේ නම් ගන්නවා . " කොල්ලා මන් දිහා ඇස් දෙක ලොකු කරලා බැලුවා .

"ඇත්තටම ??"

"ම්ම් ඇත්තටම "

යේශ්ට ඇති තරන් ඔය උන්ගෙ ගෙදර තියෙන්නෙ එයින් එකක් ගන්නෙ නැතැයි.

.
.
.
.
අපිට ටර්ම් ටෙස්ට් තිබ්බ නිසා පැය විසි හතරෙන් වැඩි හරියක්ම ගත වුණේ පාඩම් වැඩ වලට . තව මාස හතරයි එක්සෑම් වලට .

අහල්‍යත් ක්ලාස් නිසා ස්කෝලෙ වැඩ ටික ඉවර කරපු මම ගෙදර එන්න ආවා .

අද යන්න ගමනකුත් තියෙනවා . ඊට කලින් ගෙදර ගිහින් ටිකක් නිදා ගන්න ඕනේ හරිම මහන්සී .

කල්පනා ලෝකෙ අතරමන් වෙලා පාරේ හිමින් හිමින් ඉස්සාහට ගිය මගෙ ඇගට කපලා පිටිපස්සෙන් ආපු වාහනේ නවත්තනකොට මාව ගැස්සිලා ගියා . බයවුණ පාර කොච්චරක් ද කියනවනම් හදවත නැවතුමක් නැතුවම ගැහෙනවා දැනෙනකොට වාහනෙන් බැහැලා ආපු මනුස්සයා ව දැක්කම බය කේන්තියක් වුණා .

"හායි මචාන් .. ගෙදර යන ගමන් ද "
ඇමති පුතා .

මන් රවාගෙන ඌ දිහා බලන් හිටියා .

"උප්ස් !! අපේ ශිෂ්‍ය නායක මහත්තයා බය වුණා ද .. " ඌ නක්කලේට වගේ හිනා උනා .

මන් හුස්මක් පිට කරලා මගෙ කේන්තිය නිවා ගන්න උත්සහා කරා නැත්තන් මේ පාර මැද්දෙ මට වෙන්නෙ මූ එක්ක පැටලෙන්න .

"උබට මොනාද වෙන්න ඕනේ ??" මන් දත් මිටි කාගෙන ඇහුවා .

"මන් කියන ඕනම දෙයක් කරනවද "

අරූ අහනකොට මන් මොකුත්ම නොකියා ඌ දිහා රවාගෙන බලාගෙන උන්නා .

උරුමක්කාරයා Where stories live. Discover now