13

337 50 4
                                    

අද යේශුයි රහායි දෙන්නම ස්කෝලෙ ආව වෙලේ ඉදලම ක්ලාස් එකෙ නෑ .මගෙ කෑම එකත් අහල්‍ය ගාව නිසා ඒකත් ඉල්ලගෙන ඉන්ටවල් එකේ මන් පිට්ටනියෙ කෙරවලේ දාලා තිබුන ගල් බංකුවකට යනවා කියලා හිතා ගෙන ගියත් ඉදී කියලා නොහිතපු කෙනෙක් එතන ඉන්නකොට ආයෙත් හැරිලා යන්නත් හිතලා මන් ඌ ලගටම ගියා . මන් ගිහින් ඌට ඉස්සරහින් කෑම එක තියලා ඉදගන්නකොටම ඌ නැගිටලා යන්න හැදුවත් මන් උගේ අතේ මැණික්කටුවෙන් අල්ලගත්තා .

"කොහෙද යන්නෙ ඉද ගන්නවා මෙතනින් "
අතින් ඇදලා අපෙ අයියගෙ වෙන්ඩ වාහෙව කලින් හිටපු තැනට තල්ලු කරපු මම බත් එකදිග ඇරියා .

"තමුසෙ කාලාද "

උත්තරයක් නැති තැන මන් ඌ දිහා බලනකොට ඌ අත් දෙකත් මේසෙ උඩින් තියාගෙන ඒ දිහා බලන් ඉන්නවා .

උගේ දකුනු අතේ අල්ල හරිය බැන්ඩේජ් එකකින් ඔතලා .

" සියෙල් !! " උත්තර නැති තැන ආයෙත් මන් කතා කරනකොට උගෙ අර හිස් බැල්ම මගෙ ඇස් වල පැටලුනා .

"කෑවද ??"

"ඇයි නැත්තන් තමුසෙ කවන්නද "

ඌ අහනකොට මන් හිනා වෙලා අන අනා හිටපු බත් කට උට දික් කරා .

" ආ.. කියපන් "

"උබට පිස්සුදබ්.හ්.."
ඌ බය වෙලා වගෙ ඇස් දෙකත් ලොකු කරගෙන පිස්සුද අහනකොට මන් බත් කට කටේ එබුවා .

මූ අද කාලා නෙවෙයි ඇවිත් තියෙන්නෙ ඒ මදිවට කෑම ගෙනල්ලත් නෑ . මට උදේ එන්න කලින් අයියා කෝල් කරලා කිව්වා ටිකක් බලපන් හැබැයි මොකුත් අහන්න කරන්නවත් දන්න බව අගවන්න වත් යන්න එපයි කියලා . මට හිතෙන්නෙ එක්කො අයියා එක්ක වලියක් දාගෙන නැත්තන් ගෙදර මිනිස්සු එක්ක වලියක් දාගෙන . අයියා දන්නෙත් නැතුව ඇති සමහර විට මූට තුවාලත් වෙලා කියලා .

මොනා උනත් මෙතනට එනකොට ඔහේ බලාගෙන ඉන්න හැටි දැක්කම නම් දුකත් හිතුනා පොඩ්ඩක් විතර . කොහෙද මුගෙ ලොකු කමනෙ . ඒ උනත් මූ නොකා ඉන්නෙ කියලා මතක් වෙනකොට මගේ එකෙක් බඩගින්නෙ ඉන්නවා වගේ හැගීමක් දැනෙන හින්දයි මන් බලෙන්ම බත් කටක් එබුවේ .

ඊට පස්සෙ ඌයි මායි මාරුවෙන් මාරුවට කිසිකතාවක් බතාවක් නැතුව කෑවා . ඌත් මන් කවන කවන කටට කට ඇරියා .

උරුමක්කාරයා Where stories live. Discover now