27

304 58 30
                                    


මන් හැරිලා පඩිපෙල නැගගෙන කාමරේට ආවා ..

"බේබි අකමැති නම් කියන්න මන් යන්නම් " අහල්‍ය කියනවා අකමැති නම් කියන්න ලු .. මොනාටද එකම ගැබ බෙදා ගත්තයි කියන එකද .. මන් මොකුත් නොකියම හැරිලා එන්න ආවා ..

"විකාර නොකිය ඉදපන් අහල්‍ය .. ඌට වගේම උබලටත් මෙව්වා අයිති.. අනික උබ අයියා ගැන ඔහොමද හිතන්නේ "  අයියා අහල්‍යට කෑ ගහනවා මට ඇහුනා ..

මට මහන්සී .. සමහර නිදාගෙන නැගිට්ටම මේ හැම දේම හරි යයි .. කියලා හිතපු මම හිස්බඩම  බෙහෙත් අහුරක් ගිලලා නිදා ගත්තා

අද ඇඩ්මිශන් ගන්න යන්න ඕනේ ...

එලාම් එකේ සද්දෙට උදේ නැගිටපු මට ඇත්තටම ඊයෙ දවස කියන්නෙ හරියට හීනයක් වගේ ..

ඒක ඇවිල්ලා එක දවසින් මගෙ මුලු ජීවිතේම කන පිට පෙරලුනා වගේ ..

ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු උන මම ආයෙමත් ඊයෙ දවස ගැන කල්පනා කරන්න පටන් ගත්තා ..

දැන් වත් ඉවර ඇතිද .. මේ යන විදිහට අලුත් දවසක් කියන්නෙම තනිකර ප්‍රෙහෙලිකාවක් වේගේන එන්නෙ මට ..

"මාව ලිහපන් ශ්‍රී ... කියන දේ අහලා මාව ලිහපන් "

මගේ කකුල් නතර වුණේ අයියලා ගේ කාමරේ දොර ඉස්සරහා වෙනකොට මන් දොරට ගැහුවා .මොකද අයියා මාව එච්චරටම බය කරා ..

"අයියේ !! අයියේ !!"

"අයේෂ්‍ය මේ දොර ඇරපන් මල්ලී .. "

අයියගෙ කට හඩ ආයෙ එහා පැත්තෙන් ඇහෙනකොටමන්  ගිහින් අනිත් යතුර අරගෙන දොරට දැම්මා .. මන් කලබල වෙලා ඉන්න තරම කොච්චර ද කියනවා නම් යතුරු හිලට යතුර දා ගන්නවත් මට බැරි උනා ..

"ශ්‍රී .. නැගිටපන් ශ්‍රී... උබ හැමදාම ඔහොම්මයි ..  මාව එක පාර මරපන් මීට වඩා හොදයි .."

මන් අන්තිමට යතුර දාලා දොර ඇර ගත්තා .. ඒ ත් කාමරේ ඇතුලට තිබ්බ පලවෙනි අඩියෙන්ම මාව නතර උනා ..

මගේ ඇස් එලියට පයින්න ආවා .. ඇතුලට යන්නද නැත්තන් ආපිට හැරිලා එලියට යන්නද කියලා මට හිතා ගන්න බැරි උනා ..

"සියෙල් " මගෙ පපුව පිච්චෙනවා මට දැනුනා .. ඒ වගේම මට උත්තර ලැබුනා .. සමහර විට එදා උගේ ශර්ට් එක මලකඩ පාට වෙලා තිබුනේ ඇයි කියන්න මට උත්තර ලැබුනා ..

උරුමක්කාරයා Where stories live. Discover now