15

341 50 19
                                    

සෙනසුරාදා කියන්නෙ මුලු දවසම මම ගෙදර ඉන්න දවස උනත් අහල්‍ය ට නම් උදේ ඉදලම හවස් වෙනකන් පන්ති තිබුන දවසක් . අද කොල්ලා ගෙදර එන්න හවස හතර විතර වෙන නිසා උදේම දවල්ටත් එක්කම උයලා යනවා .

මන් ගේ පොඩ්ඩක් අස්පස් කරලා දවසම පාඩම් කරා . අස් කරන්නත් දෙයක් නැති තරම් කොල්ලගෙ වැඩේම ගේ අස් කෙරිල්ල නිසා .

පාඩම් කරලා දවල් දොලහට විතර මම ගියෙ බත් එකක් බෙදා ගන්න . අද සැමන් උයලා පපඩම් බැදලා බෝංචි තෙල් දාලා . මන් කාලා ඉවර වෙලා භාජන ටිකත් හෝදලා දැම්මෙ නැත්තන් අර පණ්ඩිතයා ආව ගමන් කරන්නෙ කුස්සියට රිංගග ගන්න එක නිසා .

මේ දවස් වල තියෙන්නෙ මැරෙන්න තරම් රස්නයක්  . දරා ගන්න බැරි දාඩියත් එක්කලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙවී හිටපු මම ආයෙමත් පාඩම් කරන්න ගත්තේ එක්සෑම් එකට තියෙන්නෙ තව මාස  දෙකයි නිසා නාස්ති කරන්නත් වෙලාවක් නැති තැන ආයෙම මම මේසෙට ඉද ගත්තේ පාඩම් කරන්න .

පැය කට්ට ඔරලෝසුවෙ ඉලක්කමෙන් ඉලක්කම පහු කරගෙන ගිහිනුත් අන්තිමට තාමත් අහල්‍ය ආවේ නෑ . දැන් පහටත් කිට්ටු වෙන්න එනවා .

මොකක් හරි කරදරයක් වත් වෙලාද . නැත්තන් කොල්ලා හතරහාමාර කිට්ටු වෙනකොට වගෙ ගෙදර එනවා . මොකද රස්තියාදු ගහන්න කියලත් හරි හමන් යාලුවෙක් ඌට නැති නිසා ක්ලාස් ඉවර උන ගමන් ඌ ගෙදර එනවා . දරා ගන්න බැරි රස්නයක් තිබුණට මොකද හතර වටින් කලු කරගෙන එනකොට තව තව වෙලාව යනකොටත් කොල්ලා නැති තැන මට බය හිතුනා .

ඕන මගුලක් කියලා මන් ගියේ ඇදුමක් දාගෙන එන්න ක්ලාස් එක ලගට හරි ගිහින් බලන්න කියලා . ඇදුම් ඇද ඇද ඉන්නකොට වැස්සත් පටන් ගත්තා වගේම මන් පහලට යනකොට වැස්සෙම අපේ වත්තට දාපු රතුපාට බයික් එක නිසා මන් ස්තෝප්පුවෙම නතර වෙනකොට බයික් එකෙන් බැහැපු කොල්ලො දෙන්නෙක් ගෙට දුවගෙන ආවා . වැස්ස හින්දා හරියට නොපෙනුනත් ඒ අහල්‍ය කියන්න උගෙ ඇදුම් වලින් මම අදුර ගත්තා ..ඒත් අනිත් කෙනා නම් ඇත්තටම අහල්‍ය එක්ක දකින්න බලාපොරොත්තු නොවුණ කෙනෙක් .

සියෙල් !!

සියෙල් ගෙ වැඩේම අහල්‍යව දැක්ක දුටු තැන ඇගට ගොඩ වෙනඑක නිසා ඉතින් කව්ද හිතන්නෙ .

උරුමක්කාරයා Where stories live. Discover now