42

290 53 11
                                    

"සමුද්‍ර විතානාරච්චි තමුසෙ "

සමුද්‍ර අයියා අතට ගත්ත බීම එක උදුරලා අර ගත්ත අහල්‍ය ඒකෙන්ම අපෙ අයියව නෑව්වෙ මෙච්චර වෙලාම මේසෙට ජැක් එකක් ගහගෙන මේ සිද්ධිය දිහා බලාගෙන උන්න රහේල් අයියත් කෙලින් වෙද්දි .

"චූටි !!  මොකද වෙලා තියෙන්නෙ "  මොකද්ද ප්ලේට් එකකුත් උස්සගෙන කාමරේට ආව අයේෂ්‍ය අරූට සැර කරත් අහල්‍ය කාමරෙන් යන්න ගියා .

"මන් කිව්වා තමුසෙට " රහේල් අයියා සමුද්‍ර අයියා ලගට කිට්ටුවෙලා මූණ පිහින ගමන් රහසින් කියනවා මම අහගෙන .
.

"සොරි ඩොක්ට ! මල්ලි මේ දවස් වල පොඩ්ඩක් අව්ලෙන් ඉන්නෙ "

අයේශ්‍ය එහෙම කිව්වම සමුද්‍ර අයියා ලාවට හිනා උනා .

"ඒකට කමක් නෑ මල්ලි . මල්ලි යුනාත් නෙ ද "

ඒකට නම් ලාවට වගේ ඌ පුදුම උනත් ඌ ඒක පෙන්නුවෙ නෑ .

"ම්ම් .."

"තමුසෙට මගෙ ටීශර්ට් එකක් දෙන්න ද දා ගන්න "

මන් මැද්දෙන් පැනලා ඇහුවා .

"තිය න තැන කියපන් මන් ගන්නම් "

අයියා නැගිටිනකොට අයේෂ්‍ය කාමරෙන් එලියට ගියා මන් හිතන්නෙ අහල්‍යව හොයාගෙනද කොහෙද .

"අපෙ එකා කෝ බන්"

මෙච්චර වෙලා සද්දෙ වහලා උන්න රහෙල් අයියා ඇහුවා .

"දන්නෙ නෑ .. මේ ඕයි .. තමුසෙ කොහොමද දන්නෙ අරූ යුනාත් කියලා "

අල්මාරිය ට ඔලුව ඔබා ගෙන උන්න සමුද්‍ර අයියා මගෙ දිහාවට හැරිලා කට කොනින් හිනාවක් දැම්ම ..

"කොහොමද කින්ද මන්ද වැඩක් නෑනේ ..අදාල පුද්ගලයව දන්නවා එච්චරයි "

ඒ මොන අපංබ්‍රන්සයක් ද යකෝ ..

"හා දැන් එහෙනම් මට මේක කියපන් කෝ ..අර දැන් ටිකකට කලින් අරූ ඇවිත් මෙතන නටපු විකාරේ "

"ඒක පොඩි අය දැන ගන්න ඕනේ නෑ .ඒක වැඩිහිටියන්ට පමනයි සිනෙකක් . නැද්ද හේල් "
මූ මාව විහිලුවකට අරන් ගස් ගෙම්බා .

"ඔව් ඔව් ..වඩිහිටියන්ට පමණයි . උබ අද බේරුනා කියලා හිතා ගනින් මේ පොඩි එකා මෙතන හිටපුහින්දා "

උරුමක්කාරයා Where stories live. Discover now