51

370 62 13
                                    

අනේ ..මගෙ ..පුතේ අම්මට හරි අමාරුයි රත්තරන්හ්.. "  තනිකර වේදාව පුරව ගත්ත විලාපයක් වෙනකොට ඒ හඩට මගේ ඇගේ හිරිගඩු පිපුනා ..

"කවුරු හරි ඉන්නවද "

කිසිම සද්දයක් නෑ .. අඩුම ගානේ කලින් ඇහුන කටහඩ වත් නැතිව යනකොට මන් ඉස්සරහට ගියා

මන් හිතන්නේ මේ කාමරෙන් තමා සද්දෙ ආවේ ..

මන් බාගෙට වගේ අඩවන් වෙලා තිබුන් දොර අරින්න අත තිබ්බා ..

බෲස් බෘස්

මාව ගැස්සිලා ගියා .. සාක්කුවෙ තිබ්බ පෝන් එක වයිබ්‍රේට්වෙනකොට මාව එක පාරටම ගැස්ස්ලිලා ගියා ..

මන් පෝන් එක සාක්කුවෙන් එලියට ඇදලා බැලුවා ..

Hi 

කව්දෝ හායි කියලා මැසේජ් එකක් දාලා ..ඒකත් නොදන්න නම්බරයක්..

මන් ස්ක්‍රීන් එක ඕෆ් කරලා ආයෙම පෝන් එක සාක්කුවට ඔබා ගත්තා ..

මන් ආයෙමත් දොර දිහා බලලා ඇගිලි වලින් තල්ලුවක් දැම්මා ..

ක්‍රීස්......!!

ඇගෙ හිරිගඩුත් පිපිලා යන සද්දේ ඇහෙනකොට මම කාමරේ ඇතුලට ඔලුව දැම්මා..

ලයිට් ඔන් කරලා තිබුනට කාමරේ ඇතුලේ කිසිම කෙනෙක් නෑ ..

මන් වැරදි කාමරේකට වත් ආවද ??

කහපාට ලයිට් එකක් හින්දද පරන බඩු මූට්ටු හින්දද කාමරේ තනිකර මූසල පාටයි .. හැබැයි දැන් ටිකකට කලින් අස් කරපු ගානට කාමරේ පිලිවෙලයි ..

සමහර විට මේ වලව්වට පිටින් ආවොත් කට්ටියට ඉන්න තියන කාමරද දන්නේ නෑ .. 

මන් ඇද උඩින් වාඩි වෙලා කල්පනා කරා ..
.
.
.
.

"මගෙ රත්තරන් .. කවදා හරි ද්..දවසක..හ් .. මල්ලිලව.. ලගට අරගෙන ..ප්..පරිස්සමට..බලාගන්න ..හ්

.
.

අම්මගේහ් ..බ්.බණ්ඩියෙ උන්න කාලේ..අම්ම.හ් කියලා දීපූ දේවල් අමතක කරන්න එප්.පාහ් ..

ල්.ලස්සනට වැඩෙන්න .හ් මගෙ පුත්තෙහ්..

අප්පච්චි .හ් ට කවදාවත්ම..හ් ...

"බෲස් බෲස් .. "

මාව එක පාර ඇහැරුනා ...

කනලගම තිබුන පෝන් එකට මැසේජ් එකක් එනකොට ..නින්දත් නොනිදත් අතර හිටපු මට ඇහැරුනා .. දාඩියට පෙගිලා මාව..

උරුමක්කාරයා Where stories live. Discover now