33 B

315 59 19
                                    

මම කොච්චර කියෙව්වත් මට එහාපැත්තෙන් ඇහුනේ මැශින් වල " ටික් .. ටීක්.. " සද්දෙ වෙතරක් වෙනකොට .. මට මගේ පෝන් එකේ තිරෙන් පේන යන්තම් වත් හෙලවීමක් නැති රූපෙ දිහා බලාගෙන හිටියා ..

මුහුද අද හරි චන්ඩ වෙලා .. රළ එකා මාරුවට එකා වෙරලට ඇවිත් වෙරලේ හැප්පිලා බිදිලා යනකොට .. ඊට නොදෙවෙනිව මුරණ්ඩු හුලග ගෝශා කරනවා .

සමහර විට ස්භාදහමටත් බලන් ඉන්න බැරුව ඇති මේ අනාත කොල්ලගෙ තනි මකන්න වෙනදට එහා පැත්තට වෙලා නිහඩවම ඉදගෙන ඉන්න දේවදාර සුවද ආගන්තුකයා .. අද මුහුදටත් එහයින් රටක මැශින් ගොඩක් අස්සෙ පණ අදිනවා ..

"කවදා හරි දවසක අපි දෙන්නගෙ කතාව එහෙම ලියවෙයිද රස් !! "

"පටන් ගැන්ම එහෙම උනත් අපිට මොනවගේ අවසානයක් ලැබෙයිද රස් "



ඩොක්ටස්ලා රස් ඉන්නේ ලොකු අවදානමක නෙවෙයි කියලා කිව්වත් අවදානමක් නැත්තෙම නෑ යි කියලාත් කියනවා .. මන් දන්නෙ නෑ.. මොන මගුලක් ද කියලා ..

රහේනයත් එහෙට ගිහින් දැන් දවස් හතරකුත් වෙනවා .. ඌත් කරන්නෙ අරූගෙ කාමරේට වෙලා තනි රකින එක ..

අද රහේනයා මට වීඩියෝ කෝල් එකක් අරගෙන රස් ව පේන විදිහට සෙට් කරලා ඌ එක්ක කතා කරපන් කියලා පැත්තකට උනා .. මන් දන්නෙ නෑ රහේනයා මොනා කරනවද කියලා .

කතා කරපන් කිව්වට මන් මොනා කතා කරන්නද ... රස් ඉන්න විදිහ දැක්කම මට මගෙ වචනත් අමතකයි වෙන එකක් තියා හුස්ම ගැනෙන්නෙත් නෑ වගේ  ...

මන් කරේම ඔහේ ඌ දිහා පැයක් විතර බලගෙන හිටපු එක .. කතා කරන්න දෙයක් හිතාගන්න බැරුව .. ඔහේ වැල්ලෙ බිම ඉදගෙන ඌ දිහා බලා ගෙන ඉදලා ඉදලා බැරිම තැන මන් ඌට කතාවක් කියන්න පටන් ගත්තා ..

කවදා හරි අපි දෙන්නට කතාවක් තිබුනොත් ඒ කතාවෙ පටැන් ගැන්ම කොහොම වෙයිද කියලා මන් රස් එක්ක කතා කරා ..

ඒත් ඒක ඉවර උනාම ආයෙමත් තිබුනේ ලොකු නිහඩ බවක් ... මුහුදෙ සද්දෙ තිබුනට හුලගෙ සද්දෙ තිබුනට .. මට ඇහුනේ රස් ගේ මැශීන් වල සද්දෙත් එක්ක මම මේ ලෝකේ තනි වෙලා වගේ හැගීමක් ...

උරුමක්කාරයා जहाँ कहानियाँ रहती हैं। अभी खोजें