18

346 54 7
                                    


අලුත් දවසක් අලුත් තැනක් . කාලෙකට පස්සෙ බැජ් එක නැතුව යුනිෆෝම් එක අදින්නෙ . සදාටම නෙවෙයි තාවකාලිකව බැජ් එක ගලවලා අරන් තියලා ආවා.. අද අල්ලපු වැටේ පලවෙනි දවස .

"ඒක නිකන් හතුරගෙ අඩවියට ආවා වගේ නේ බන් "
යේශ් ගේට්ටුව ඉස්සරහා හිටගෙන කිව්වා .

"ආයි හුත්තො ගහන්නෙ "

රහේන් ඔලුවට එකක් දුන්නම යේශ් ඔලුවත් අල්ලගෙන නොහොක්කාඩු කිව්වා .

"තෝ වලි වලට පැටලිලා අහු වෙන්න එපා හරී "

මූ තමයි අපේ වලි කාපර් කොක්ක වගේ පැටලෙන්න බලාගෙන මයි ඉන්නේ . මම තමයි සමාදාන විනිශ්චකාරයා . මට ඉතින් බැජ් එකකුත් ගහගෙන රණ්ඩුවලට යන්න බෑ නේ .

"එක්කො අද බෑ වගේ බන් "

අරූ ආයෙම ස්කෝලේ යන්න බෑ කියලා නහයෙන් අඩන්න ගන්නකොට මන් ඕන මගුලක් කර ගනින් කියලා ඇතුලට ගියා.

පලවෙනි දවස නොයා ඉන්න බෑ නේ .. අපේ ස්කෝලෙට කිව්වොත් මුන් පලවෙනි දවසම කට්ටි පැන්නයි කියලා .

දන්න කියන උන් ට පොඩි හිනාවක් දීලා මන් පිටිපස්ස හැරිලා බැලුවේ අරුන් දෙන්නා කෝ කියලා . උන් දෙන්නා පේන තෙක් මානෙකවත් නෑ . කොහෙද දන්නෙ නෑ මෙහෙ සයන්ස් සෙක්ශන් එක තියෙන්න .

මන් වට පිට බල බල ඉන්නකොට බෑග් එකත් එල්ලගෙන මගෙ පැත්තට එනවා දකින කොට මන් එහෙම්මම නතර උනා .

"good morning " ඌ ලගට ආවම මන් කිව්වත් ඌ සුපුරුදු කතා කරන්න කම්මැලි ටෝන් එකෙන් .

"morning "

ගෑවා .

" සයන්ස් එක කොහෙද තියෙන්නෙ "

මන් ඇහුවම මගෙ ශර්ට් එකේ ඉණ හරියෙන් ඇගිලි දෙකකින් අල්ලගෙන මාව ඇදගෙන ගියෙ මොකුත් නොකියා .

මාත් ඉතින් මොකුත් නොකියා ඌ පස්සෙන් ඇදිලා ගියේ ඒක බොරුවට වචන නාස්තියක් විතරයි කියලා දන්න නිසා .

ඌ නතර උනේ පැවිලියන් එකේ . ඇහුවේ සයන්ස් එක ගැන උනත් ඌ නතර උනේ පැවිලියන් එකේ වෙනකොට මන් ඌ දිහා බලාගෙන හිටියේ ඇයි මෙතෙන්ට ආවේ කියලා බලන්න .

උරුමක්කාරයා Where stories live. Discover now