52

456 72 18
                                    

නින්දේ හිටපු මම එක පාරටම ඇස් ඇරියෙ මට අමුත්තක් දැනුන නිසා ..

රස් වීල් චෙයා එකේ ඉදගෙන මගෙ දිහා බලන් ඉන්නවා පේනකොට මන් ඇදේ නිදා ගන උන්න විදිහටම විනාඩි ගානක් යනකන් බලන් හිටියා ..

"රහේන් කිව්වා කන්න එන්න කියලා"

කියපු ඌ කාමරෙන් යන්න ගියා ..

"පොඩි !! නැගිටපන් !! පොඩි !!"

මගේ පිටේ මූණ ඔබා ගෙන ඉණ වටේ අතකුත් දාගෙන හිටපු පොඩීව මම කීද්දුව . චුටි නම් කලින්ම නැගිටලා ගිහින්.

අපි ඊයෙ එනකොට ගොඩක් රෑ උනා ..

ඒ කෙලින්ම ආවෙත් වලව්වට රහේනයා උන්න . උගෙ පෙරැත්තෙ නිසාම .ආවයි කෑවයි වැටුනයි එච්චරයි මතක .

දවල් දොලහත් වෙලා . කෙලින්ම දවල්ටතමා කන්න වෙන්නෙ .. වොශ් එකකුත් දාගෙන මම සාලෙට ගියාම චූටි කොපි එකක් ගෙනත් දුන්නා.

"අරු නිදිද ඕයි තාම "

"නෑ බාතෲම් "

මම පෝන් එක ඇදලා ගත්තා .

කව්ද මේ අන්නෝන් නම්බරේ ..

හායි කියල දාලා තිබුන මැසේජ් එකට මාත් හායි එකක් දාලා පෝන් එක පැත්තකින් තිබ්බෙ වැනිවැනි අව සියෙල් ඇවිත් ආයෙම මගෙ ඔඩොක්කුවෙ ඔලුව තියා ගත්ත හින්දා ..

"කෝ ඕයි රහේනයා " කුස්සියෙ ඉදලා එලියට ආපු චූටි ගෙන් මම ඇහුවා ..

"ඌ නම් කොහෙද ගියා . නිතික නම් එලියෙ "

"ම්ම්ම් "

මන් මගෙ ඔඩොක්කුවෙ කිරා කිරා උන්න එකාගෙ ඔලුව අත ගෑවා..

සමහර විට අම්මා හිටියා නම් ඌ වැඩිපුරම අම්මට ලග වෙන්න ගියා කියලා මම ඊයෙ ඌ හැසිරුන විදිහෙන් තේරුම් ගත්තා..

මමාස් බෝයි .. මට ලාවට හිනාවක් ගියා ..

"පොඩී .. "

ඌ ඇස් ඇරලා මා දිහා බැලුවා .

"තමුසෙ මොනාදබෝයි ඉමන්ද අයියගෙ කාමරේ හෙව්වෙ "

"ඩයරි එක "

හ්ම්ම්.... ඒත් ඌට එහෙම එකක් හම්බුනේ නෑ නේ... ඒ කියන්නෙ එක්කො කලින්මකවුරු හරි අරගෙන නැත්තන් වෙන තැනක තියෙන්න ඕන ..

උරුමක්කාරයා Where stories live. Discover now