"ඔයාට පාර ශුවර් ද චූටී .. "
මන් ඩ්‍රයිව් කරන ගමන් ඇහුවා ..
"ඔව් .. මේ පාරේ දිගටම ගිහින් හම්බෙන පලවෙනි වමට තියෙන පාර "
මන් එක පාරක් පිටිපස්ස බලන කන්නාඩියෙන් පොඩී දිහා බැලුවා .. ඌ නිකන් ගල් පිලිමයක් වගේ ඉදගෙන ඉන්නවා .
හතර වටින්ම කලුවර කරලා ..වැස්සක් අත ලග කියලා සාක්කි දරනකොට් චූටි කියපු විදිහට මම ඩරයිව් කරා ..
"කෙලින්ම යන් ...ඔය ගේට්ටුවෙන් ඇතුලට දාලා නවත්තන්න .. "
කලුපාට කූරු කූරු ගේට්ටුවෙන් කිව්වත් වගේ මම වාහෙනේ ඇතුලට දාලා නවත්තලා පිටිපස්ස හැරුනා ..
"පොඩී යමූ "
"එයා එයි අයියේ අපි යමු "
තාමත් ගල් ගැහිලා වගේ ඉන්න පොඩී වාහනේ ඉන්නකොටම මම බහින්න හදලත් ආයෙම පොඩි දිහ් බැලුවා ..
"අපි යමු "
ගර් ..🌩️...!!
පලවෙනි අඩිය බිමට තියන්නවත් හම්බුනේ නෑ , පලාතම දෙදරලා බක්මහා අකුණක් පුපුරලා ගියා වගේම මහා වැස්සක් වහින්න පටන් ගත්තා ..
මිදුලේ හිටපු මිනිස්සු හිස හැරුන අතේ හෙවනක් හොයාගෙන දුවන්න පටන් ගන්නකොට .. පොඩීගෙ අතකින් ඇදත්ත මම ගෙදර ස්තෝප්පුවට දුවගෙන ගියා ..
" දෙයියනේ චූටි මහත්තයා .. කාගෙන් අහලාද මෙහෙ ආවේ "
තෙමීගෙන වතුර බේරි බේරි , ගිහින් ගෙට ගොඩ උන මාව දැකලා නැන්දා ටිකක් වෙලා බලාගෙන ඉදලා ඇස් දෙක ලොකු කරගෙන ඉදලා මගෙන් ඇහුවා ..
සුදු පාට ඔසරියකින් හැඩ වෙලා හිටියට මොකද කොන්ඩේ හත් අවුරුද්ද කින් විතර නොපීරුව ගානට අව්ල් වෙලා ..
එක දවසට ඇස් යට බැහැලා .. ඇදිලා ගිහින් .. ව්තන උන්නෙ මම හැමදාම දැකපු ප්‍රිය මනාප පෙනුමක් තිබුන නැන්දා නෙවෙයි .. එයාට මාව අදුර ගන්න ටික වෙලාවක් ගියත් ..අදුර ගත්ත ගමන් ඇහුවේ කාගෙන් අහලද ආවේ කියලා ..
"මාව පොඩි කාලෙ ඉදලම මගේම අයියා වගේ බලා ගත්ත එකගෙ මළ ගෙට එන්න මම කාගෙන් වත් අහන්න ඕනද නැන්දා "