43

356 51 23
                                    

"හ්ම්ම්.. මන් මේක උබෙන් මීට කලිනුත් අහලා තියෙනවා අයේෂ්‍ය .. ඒත් මේක අන්තිම වතාව වෙයි ..මන් ආයෙ කවමදාවත් උබෙන් මේ ප්‍රශ්නේ අහන්නෙ නෑ .. ඒ නිසා හොදට හිතලා මට උත්තර දීපන් .."

"ඇත්තටම උඹයි මායි කව්ද අයේෂ්‍ය  "

ඌ ටික වෙලවක් සද්ද නැතුව හිටියා .. ඊට පස්සෙ ලොකු හුස්මක් පිට කරා "

"මන් කියන ඕනම දෙයක් පිලිගන්නවද ?"

"පිලිගන්න හරි නොගන්න හරි ඔක්කොටම කලිම් මට කියාන් අයේෂ්‍ය "

"සමහර විට් ආදරේ කරන අය වෙන්න පුලුවන් "

මන් ඒ උත්තරෙත් එක්ක උගෙ පැත්ත හැරුනා .

"මාව උඹට විහිලුවක් ද අයේෂ්‍ය .." මම කෑ ගැහුවා .. මට කේන්ති ගියා .. ඒ උත්තරේ මගෙ හිත හිරිවැට්ටුවත් ඌ මගෙන් ආතල් ගන්නවයි කියලා හිතෙනකොට මම කෑ ගැහුවා ..

"ආහ්... මම මෙතන කිසිම දෙයක් හිතා ගන්න බැරුව දවසින් දවස වැටෙනකොට උඹට මාව විහිලුවක් ද "

"මොකද ඔච්චර තරහා ගන්නෙ.. තරහා ගන්න තරම් දෙයක් මම උඹට කිව්ව්ව් නෑ නේ .. මන් කිව්වනේ පිලි ගන්න නොගන්න එක තමුසෙගෙ වැඩක් ..

අනික තමුසෙ මෙතන බුරන්නෙ .. මන්  කිව්වද මම තමුසෙට ආදරේ කරයි කියලා .. "

"එහෙනම් මොන ඇටි කෙහෙලද්ද හුත්තො කියන්නෙ "

"බොරු කියන්න ඕනේ නෑ නේ මන් ආදරෙ කරා .. නෑ දැනටත් මේ මොහොත වෙනකනුත් ආදරෙයි .. මේ මුලු ලෝකෙන්ම උඹයි , මමයි විතරක් දන්න කෙනෙක් ට "

"අපි දෙන්නා විතරක් දන්න කෙනෙක් !! වටේ නොයා කියපන් අයේෂ්‍ය .. " මන් ආයෙම කෑ ගැහුවා .. මට තරහයි .. මූ එක්කයි මූ ආදරේ කරන මහලොකු මායි ඌයි විතරක් දන්න එකත් එක්කයි .. හේතුවක් නෑ .. මට අයිති වෙන්න තිබුන දෙයක් වෙන එකෙක් අයිති කර ගත්තා වගේ දැනෙන්නෙ ..

"ම්ම් .. උඹයි මමයි විතරක් දන්න කෙනෙක් .. මන් වෙනුවෙන්ම ඉපදිච්ච කෙනෙක් "

උබයි මමයි කියලා ඉන්න තැනින් නැගිටලා ඇවිත් එක ඇගිල්ලක් මටයි ඌටයි මාරුවෙන් මාරුවට පොයින්ට් කරලා මගෙ මූණ ට එබුනා .. ඊට පස්සෙ මම වෙනුවෙන් ම ඉපදිච්ච කෙනෙක් කියලා මගේ වම් පැත්තේ පපුව උඩට තුම් පාරක් ඒ ඇගිල්ලෙන් තට්ටු කරා ..

උරුමක්කාරයා Where stories live. Discover now