14

338 51 7
                                    

"බැරිද අපිටත් බත් කටක් කවන්න "

පිටිපස්සෙන් ඇහුන කටහඩට මන් හැරිලා බලනකොට මගෙ ඉස්සරහට ආවේ වෙන කව්ද ඉතින් ඇමතිපුතණ්ඩියා මිසක් .

"පොඩ්ඩක් ඉවසන් ඉදපන් මන් මේ බැජ් එක ගලවනකන් .ඊට පස්සෙ උබට බත් නෙවේ මන් හොද.. කැමක් කවන්නම් "

දත් මිටි කාගෙනම කියපු මම යන්න හැදුවත් ඌ ආයෙම මගෙ පාර හරස් කරා .

"කොහෙද උඹ දුවන්නෙ පොඩ්ඩක් හිටපන් "
ගෙදර ගිහින් මේ දාඩිය පෙගුන ඇදුන් ටික ගලවලා දාන්නෙ කොයි වෙලේද කියලා තප්පරෙන් තප්පරෙට ගැන ගැන ඉන්නකොට මේ පගයා ඇවිත් වාත වෙන්න ගත්තම දැනෙන ආධ්‍යාත්මික සුවය ගැන නම් කියලා වැඩක් නෑ  .

මන් ඌ දිහා බලන් හිටියා හරියට ' හරි දැන් උඹ මොකද්ද කියන්නෙ වගේ බැල්මකින් .

"තප්පරයක් ඉදපන් " අරූ එහෙම කියලා වාහනේ ලගට ගිහින් මොකක් දෝ බොක්ස් දෙකක් උස්සගෙන ආවා . එකක් පැතලී නිකන් පීසා පෙට්ටටියක් වගේ අනික නිකන් සාමාන්‍ය පොඩි පෙට්ටියක්  .

"මේ ක අහල්‍යට දීපන් "

ඌ අර පැතලි පෙට්ටිය මගේ අතට දුන්නම මන් ඒක ඇරලා බැලුවා .

"ඊයෙ පපා එක්ක එක්සිබිශන් එකකට ගියා පේරා වල . ඉතින් අහල්‍ය කැමති වෙයි කියලා හිතුන නිසා අරගෙන ආවා . "

ඒ පෙට්ටිය අස්සෙ තිබ්බෙ එක එක ජාතියෙ කැක්ටස් වර්ග . කැක්ටස් කියලා නේද ඒවට කියන්නේ මන් දන්නෙ නෑ ..මොකක් හරි . දන්න තරමින් පොඩි පැලේ උනත් සෑහෙන ගානක් වෙනකොට වරග කීපෙකින්ම තිබුණා .

"හ්ම්ම්ම්..." මන් ලොකු හුස්මක් පාත දාලා පෙට්ටිය වහලා ඌ දිහා බැලුවා .

"ඇයි උඹ මේ දේවල් කරන්නෙ "

ඌ කරේ කටකොනි හිනා වෙලා මගේ මූණට එබුණ එක .

"ඇයි කියලා  උඹට හිතා ගන්නම බැරිද "

"පුලුවන් නම් උබෙන් අහන්නෙ නෑ නේ .."

ඌ ඔලුව දෙපැත්තට වනලා උගුර යටින් හිනා වුණා .

"if someone makes you happy , make them happier   "  ඌ ඇහැක් ගාලා කට පුරෝලා හිනාවකුත් දාලා කිව්වෙ මන් ඌ දිහා බලන් ඉන්නකොට .

උරුමක්කාරයා Where stories live. Discover now