17

342 54 41
                                    

නිතික රූරස් pov

කියන්න වචන නෑ ගොඩක් ලස්සනයි ඒ හැගීම
මම තාම දන්නෙ නෑ
මොකද්ද අපෙ බැදීම
අමුතු වේදනාවක්
ඈතින් ඉදන් දැකීම
ආදර ජීවිතයට
ඇවිත් නොදැනීම
ඔයා ගැන හීන
පේනවා මට ඇස් ඇරන් ඉද්දි
පින්තූරෙ ලස්සනයි
ඔයත් පැත්තකින් ඉද්දි
ජීවත් වෙනව වගෙ දැනෙනවා
ඔයාව දකිද්දි
මැවෙන්න බැරිද ලගින්
ඇස් වහලා ඇස් අරිද්දි

මේ  වචන ටික ඇහෙන සැරයක් ගානේ මතක් වෙන්න් ඒ ඇස් දෙක වෙනකොට අරූ හිමීට දාලා තිබුන වීඩියෝ එකත් එක්කම මන් ඇස් දෙකත් වහගෙන ඒ වචන වලට තාල තිබ්බා.

පුටුවකට කකුල් හතරක් තිබ්බට ඉතින් මන් වැඩි පුරම ඉන්නෙ කකුල් දෙකෙන් . පිටිපසෙ  බිත්තියක් මොකක් වත් නැති තැන ඉස්සරහා තිබුන මේසේ ඇගිලි දෙකකින් අල්ලගෙන මම පුටුවේ පැද්දි ස්මෝකියා එක්කම වචන වලට තාල ඇල්ලුවා.

මැවෙන්න බැරිද ඇස් වහලා
ඇස් අරිද්දි ...

අන්තිම වචන කීපයත් එක්ක ඇස් අරිනකොට මගේ බොද වෙච්ච දර්ශණ පතේට අහුවුනේ ලොකු හිනාවක් දාගෙන මගේ දිහා බලාගෙන ඉන්න ,  මූණේ තිත් තුනක් තියන  කොල්ලෙක් වුණත් එක පාරටම මගේ දර්ශන පතේ මැද්දට  රවාගෙන නපුරු කම බේරෙන මූණක් අවතීර්ණ උනා වගේම මට අල්ලගෙන හිටපු මේසෙ අතෑරිලා මාව අනිත් පැත්තට පුටුවත් ඒක්කම දඩස් ගාලා වැටුනා .

යකෝ මැවෙන්න කිව්වට ඔහොමත් මැවෙනවද මන් අහන්නේ ..

මට බකස් ගාලා හිනා ගියා .

"හහ්..හහ්..හා "

"මොකද හුත්තො වැටිලත් හිනා වෙන්නෙ .. තොගෙ ඔලුවවත්  වැදුනද නැගිටපන් "

ඒ අස්සෙ නෙරාල යා වගේම හුරතල් තිත් තුනේ කොල්ලා ඇවිල්ලා මට නැගිටින්න උදව් කරා .

අනේ ඉතින් දැක්කත් ඇති දවසම සිරියාවන්තයි . ඒකට අරක රවා ගත්ත ගමන් මයි . මේ හුරතලේට කියන්න ඕනේ අයියට හිනා වෙන්න උගන්නපන් කියලා .

"තමුසෙව දැක්කම මිරිකන්න මයි හිතෙන්නෙ ඕයී"

මන් ඌ දිහා බලලා කිව්වා.

"ක්.හ්ම් .. ඇයි තමුසෙට ඌ ව දෙහි ගෙඩියක් වගේ පේනවද "

ශිෂ්‍ය නායක මහත්තයා මැද්දෙන් ඇඩ් එකක් දැම්මනේ . යකෝ ක්‍රශ් එකව පොඩ්ඩක් හුරතල් කරන්න දෙන්නෙම නෑනේ ..

උරුමක්කාරයා Where stories live. Discover now