03

696 91 17
                                    

"අනින්ට නිළමේ අනින්ට "

"ආහ් ..ආහ්..."

මම ස්කෝලේ ආවෙ සතියකට පස්සෙ ...උදේ පාන්දරම ගේට් එක ලග ඩියුටි ...එක පාරටම  මට එහා පැත්තෙ හිටපු මගෙ අපාය සහයකයො දෙන්නා කෑගහන්න පටන් ගත්තම මම උඩ බිම බැලුවා..

එතකොට තමා  ලගට ඇවිත් හිට ගත්ත කෙනාව මම   දැක්කේ..

' සුදු අයියගෙ වෙන්ඩ වාහේ!!  ' සතියකට උඩදි දැකපු මනුස්සයා ආයෙමත් එක පාරටම ඇස් ඉස්සරහට ඒකත් අල්ලපු වැටේ යුනිෆෝම් එක ඇදගෙන එනකොට ඇත්තටම මම  පුදුම උනා ..

නුවර වලව්වක කියපු කොල්ලෙක් මෙහෙම ස්කෝලේ අස්සෙ ඉන්නවා දකිද්දි කාටද පුදුම නොහිතෙන්නේ..

මේ ඔක්කොමත් අස්සෙ මම බලන් උන්නෙ මග්සෙ  ඉස්සරහට වෙලා කිසි හැගීමක් නැති මූණක් හදාගෙන බෑග් එක දික් කරන් ඉන්න කොල්ලා දිහා..

"ශිෂ්‍ය වාර්තා පොත කෝ "

" .........."

මම උගෙ   බෑග් එකේ සිප් එක වහලා කොලර් එකෙන් කර ඇතුලට අත දැම්මේ චේන් දාලා ද බලන්න උනත් කොල්ලා බය වෙලා ඇස් දෙකත් ලොකු කරන් පස්සට පැන්නා ...

" අතවර කරන්නෙ නෑ..චේන් දාලද බැලුවෙ "

ඒ වචන ගානකට වත් නොගෙන වහපු බෑග් එකත් අරගෙන කොල්ලා යන්න හැදුවා..

" හෙට එනකොට චේන් එක ගලවලා එනවා..අද දවස ඇතුලත ලයිබ්‍රි එකෙන් ශිෂ්‍ය වාර්තා පොත ගන්නවා..අන්තිම පිටුවෙ තියෙනවා විනය නීති කියවලා හොදට ඔලුවට දා ගන්නවා..."

හාත් නැතුව හ්ම්ත් නැතුව මට සීතල බැල්මක් විතරක් දීලා කොල්ලා යන්න ගියා...

"ඒ මොකද්ද බන් ඒ උනේ " මෙච්චර වෙලාම පිස්සු නට නටා උන්න   යේශ්  කටත් ඇරගෙන ඉදලා ඇහුවාම මම  ඇයි අහන්න වගේ ඒ දිහාවට බැල්ලමක් දුන්නා ..

"ඇයි පගෝ !!ඌ අල්ලපු වැටේ ..ඌ මොන එහෙකටද අපේ ස්කොලේ ශිෂ්‍ය වාර්තා පොතක් ගන්නෙ "

ඇත්තනේ..යේශ් ප්‍රශ්නේ සාධාරණයි . යේශ් ගෙ පුදුමෙත් සාධාරණයි .. අපේ ස්කෝල වල සාමාන්‍යයෙන් උසස් පෙල විභාගයට මාස තුනක් තියෙනකොට මාසෙ මාසෙ  බෙදාගෙන ස්කෝල දෙකේ ලමයින්ට ගුරුවරු රිවිශන් කරනවා..තවත් පැහැදිලි කරොත් මාසයක් සතියට දවස් කීපයක් අල්ලපු වැටේ ලමයි මේ වැටට එනවා..ඊට පස්සෙ මාසයක් මේ වැටෙව් ලමයි අල්ලපු වැටට ගිහින් ඒ ගුරුවරුන්ගෙ රිවිශන් වලට ඒ ලමයි එක්ක සහ භාගී වෙනවා...ඉතින් එහෙම එන ළමයින්ව එහෙම ලොකූවට ගේට්ටුවෙන් එනකොට චෙක් කරන්නෙ නෑ ..බෑග් එක විතරයි යුනීෆෝම් වල අදාලත්වයක් එයාලට නැති නිසා චෙක් කරන්නෙ නෑ ..ඒත් ඉතින් අද සිද්ද වෙච්ච අනපේක්ශිත සිදු වීම නිසා මට  ඒකත් අමතක වෙලා .. 'වෙන්ඩ මස්සිනාව' එක පාරටම දැක්කම කවුද ඉතින් පුදුම නොවෙන්නෙ ..අර කලින් කිව්වත් වගේ නුවර එකෙක් මේ වෙරලබඩේ ..

උරුමක්කාරයා Where stories live. Discover now