44

310 58 15
                                    

"උබට මොකද්ද වෙලා තියෙන්නේ යේශ් .. ආහ් ..විහින් කාලකන්නියෙක් වෙලා උබ මොනාද බලාපොරොත්තු වෙන්නෙ "

සාලේ දිහාවෙන් රහේන් කෑ ගහනවා ඇහුන මම නැගිටලා ඒ පැත්තට ගියා ..

හම්මට වීරයා අවදි වෙලා ..

මට පිටුපාලා රහේන් දිහා  බලාගෙන හිටියේ යේශ් ..

"ඇයි උඹ හොයන්නෙ .. මන් ගැන "

අරූ සමච්චලේට වගේ අහනකොට මම තාමත් බලන් උන්නෙ උගෙ ටී ශර්ට් එකක් වත් නැති උඩු කය දිහා ..

හා හා යකෝ .. වලත්ත කමට බැලුවා නෙවෙයි .. යකෝ අපෙ අප්පච්චි මාව ලැජ්ජා බයට හැදුවේ .. මන් බැලුවෙ උගෙ බැන්ඩේඩ් දිහා ..

"යකෝ තෝ මගෙ යාලුවා .. "

රහේන් කිව්වා .

"හහ් යාලුවා !! " යේශ් නම් කතා කරේම අරූට සමච්චලේට වැගේ .. "උඹ අර උබේ මහලොකු ප්‍රේම වන්ති ඉස්සරහා මාව හිටවපු දවසෙමයි අපේ යාලු කම ඉවර උනේ මතක නැද්ද ..ආ .. උබ මාව චොයිස් එකක් කරපු දවස "

අපේ එකාට කට උත්තර නැති උනාද කොහෙද .. ඒ උනාට මොකද්ද ඒ සීන් එක මම එහෙම එකක් දන්නෙ නෑ නේ . පස්සෙ දෙන්නගෙන් එකෙක් ගෙන්ම අහ ගන්න ඕනේ ..

"කොහෙද යන්නෙ "

යන්න හදපු යෙශ් ව අරූ ආයෙම අතින් ඇදලා නවත්ත ගත්තා .

ඇද්දාඇදිල්ලට ඌව නතර උනේ අපේ එකාගෙ පපුවේ උනත් අරු ගසලා බසලා අපේ එකාව තල්ලුකරලා එහාට උනා.

"උඹට මොකද . මන් කොහෙ ගියත් "

මෙව්වනෙ යකෝ ෆිල්ම් .. ඉදගෙන බලන්න තිබුනා නම් හොදයි හැබැයි .. තනි අණ්ඩෙන් හිටගෙන බලන්න තමා පොඩ්ඩක් අමාරු ..

"යන මගුලක ඇදුමක් ඇදගෙන යමන් . "

අරුත් දමලා ගහලා කාමරේට ද කොහෙද යන්න ගියා ..

"උබ නම් හොදටම ට්‍රැක පැනලා වගේ පුති " මන් කියනකොට යේශ් මන් පැත්ත හැරුනා ..

"උබ දැන් ද නැගිට්ටෙ ... "

"ම්ම් "

මන් ඉස්සරහට යනකොට ඌ මට වාඩි වෙන්න උදව් කරා ..

"මොකද උඹට වෙලා තියෙන්නෙ.. මන් දන්න තරමින් උඹ ඔහොම කාලකණ්නි වුණ එකෙක් නෙවේ නේ .. " අරූ කරේ ඒකට කට කොනින් හිනාවක් දාලා අහක බලා ගත්ත එක ..

උරුමක්කාරයා Where stories live. Discover now