07

418 57 12
                                    


"තමුසෙලා දෙන්නා උගන්නන වෙලාවේ මොකද පුස්තකාලේ කරන්නෙ "

මම ඇහුවෙ කකුල් දෙකත් පද්ද පද්ද මේසෙ උඩ ඉදන් ඉන්න ඇමති පුතා දිහත් බලලා .

"ඔය උබ ඉස්සරහා ඉදන් ඉන්නෙත් අපේ ක්ලාස් එකේ එකෙක් තමයි . ඌ කරන දේ මයි අපිත් කරන්නෙ "

ශ්‍රී දිහාව ඇස් වලින් පෙන්නලා ඌ කිව්වා .

"සිස්සනායක අයියටත් ඌව පේන්නෙ නෑ අහිංසක අපිව තමයි පේන්නෙ .. ආහ් ඔව් ඉතින් ඌ උබලගෙ එකානේ "

නෙරාල් සමච්චලේට වගේ කිව්වා .

" කටවල් වහගෙන තුන් දෙනාම යනවා ක්ලාස් එකට "

මන් ශ්‍රී දිහත් බලලා . කට්ටියට ම ක්ලාස් එකට යන්න කිව්වා  . එහා වැටේ ස්කෝලෙන් ඇවිල්ලත් මුන් මෙතන පීරියඩ් කට් කරනවා . අහු උනා නම් එහෙම දෙපැත්තෙන්ම කන පිරෙන්න අහ ගන්න තිබුනා .

"ඔය බොත්තම් දෙක දාගෙන යනවා " ශර්ට් එකේ උඩ බොත්තම් ඇරගෙන උන්න ඇමති පුතුකියා ට මන් බැල්මක් දීලා කිව්වා .

"ඕයි වරෙන් මස්සිනේ යන්න " එහෙම කියලා නෙරාල් එලියට ගියේ උගෙ පස්සෙන්ම අරුත් සාක්කු දෙකට අත් දාගෙන  මගෙ ඇගේ හැප්පීගෙනම එලියට යනකොට .

මන් මගේ තොල් තද කර ගත්තා   . මූට තව  මොකක් හරි කිව්වොත් වෙන්නෙ ඌ මාත් එක්ක පැටලෙන්න එන එක ඒ නිසා මන් ඌව ගනන් නොගෙනම ශ්‍රී දිහා බලාගෙන හිටියා .

"මන් හිතනවා උබට මන් කියපු එක මතක තියෙයි කියලා "

ඇත්තටම මට ප්‍රශ්නයක් නෑ සුමුදු කා එක්ක කොහොම පැටලුනත් මොකද වටපිටේ උන් මන් ඒ කෙල්ලට කැමති , සමහර උන් ඒකිගෙයි මගෙයි රිස්ලේශන් ශිප් එකක් තියෙනවා කියලා හිතුවත් ඇත්තම කතාව උනේ කාලයක් ඒකි මගේ පස්සෙන් ආවා කියන එක . දන්නො දනිති ඉතින් .

'වටෙ යන බස් නවත්තන්න අපෙ හිත් යකො ඩිපෝද '

ඒකි මට කතා කරන්න කියලා එන හැම වෙලාවකම වගේ යේශ් ඒකිගෙ මූණටම ඇගටපතට නොදැනෙන්න පසුබිම් සංගීතය සපයන හැටි මතක් වෙනකොටත් මට හිනා යනවා .

ඇමති පවුල් වල ට දාව ඉපදුන උන් ඔහොම්මයි . උන් හිතාගෙන ඉන්නෙ රටේම උන් ,උන්ගෙ පදෙට නටන්න ඕනේ කියලා . අර පේන්නෙ නැද්ද දැන් මෙතන ඉදලා ගියපු එකා .

උරුමක්කාරයා Where stories live. Discover now