"රෂීඩා ඔයාගෙ හැදියාව නම් අන්තිමයි..."
ප්‍රොෆෙසර් ගෙ ඉස්සරහ හොර පූසෙක් වගේ හිටගෙන රෂී කල්පනා කලේ මේ තට්ට මනුස්සයගෙ තට්ටෙ චිත්‍රයක් අඳින්න හොඳ පාටක් ගැන....
"අඩුම ගානෙ තමුං මං කියන දේකටවත් අවදානෙ දෙනවද?"
ඩෙස්ක් එකට හයියෙන් ගහපු ප්‍රොෆෙසර් කෑ ගහද්දි රෂී කන් දෙක වහ ගත්තා...
"ප්‍රොෆෙසර් මං ආයෙ තාප්ප දිගේ යන් නෑ සත්තයි.ඒ වගේම මං වේලාසනින් එන්න මතක තියා ගන්නම්...ඒත් දැන් නම් මට හොඳටම බඩගිනියි "
මූනත් අහිංසක පාටට හදාගෙන බලු කුක්කෙක් වගේ බල බල කෙඳිරි ගාන රෂීඩා දිහා ප්‍රොෆෙසර් බැලුවෙ තමන් මහන්සි වුනේ අපරාදෙ වගේ ලුක් එකකින්...
"යනවා යනවා..තමුසෙ ට කියලා වැඩක් නෑ...ඒත් ආයෙ මං උගන්නන අතරෙ තාප්ප දිගේ ගිහින් මට අහු වෙන්න හිතන්නවත් එපා තේරුනාද..?"
"තැන්ක්ස් ප්‍රොෆෙසර්..."
"ඒ වගේම අද දීපු අසයිමන්ට් එක පස් වතාවක් කරලා අන්තිම දවස වෙද්දි මගෙ මේසෙ උඩ තියෙන්න ඕන.."
තව වචනයක් කියලා පහ දහය කර ගන්න නොහිතුව රෂීඩා එතනින් පුලුවන් ඉක්මනට වාෂ්ප වුනේ තමන්ගෙ යාලුවො දෙන්නා හොයා ගන්න යන්න....මොකද කිව්වොත් එහෙම පහ දහය වුන අවස්ථා තමන්ගෙ කටුක අතීතෙ ඕන තරම් තිබ්බ නිසා ආයෙ ඒ අත්දැකීම ඕන වුනේ නැති නිසා....
_______________________________________"තමුසෙ යහතින් ආවා කිව්වම පුදුමයි රෂී...ඒ තට්ට මනුස්සයා නම් මහ සාපයක්..."
"ඩියා ඇති අනේ දැන්,ඕක නවත්තල කමුද අපි..මට තට්ටයො දහයක් කන්න තරම් බඩගිනියි...."
"අපෝ කනවා කනවා...තමුසෙගෙ බඩේ ආහාර ජීර්ණ පද්ධතිය වෙනුවට ඉන්නෙ හිඟන්නෙක්නෙ.."
උත්තරයක් නොදුන්න රෂී තමන්ගෙ අතේ තිබ්බ බර්ගර් එකෙන් ලොකු කෑල්ලක් කටේ ඔබන් හපන්න ගත්තා....
"ඕයි තමුසෙලා මං නැතුව කන්න හිතුවෙ මොන හිතකින්ද කියනවලා..."
"අමුතුවෙන් හිතන්න දෙයක් නැ...කන්න තියෙ නම් කනවා එච්චරයි..මොකො තමුසෙගෙ කටින් කනවා කියලයි මං...."
YOU ARE READING
the twins with double trouble✓✓ [Completed]
Non-Fiction"තමුසෙලා ඇත්තටම නිවුන්නුද?" 🚫කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීමෙන් වළකින්න...🚫 Beginning-2022/10/17 End-2022/12/18