16th trouble

303 59 1
                                    

"චූටි ඔය ඇති දැන් නිදා ගමු..."

"ඔයා යන්න මම එන්නම්..."

කොච්චර කතා කරත් වැඩක් නෑ කියලා දන්න නිසා නෂී ආපහු නිදා ගන්න ගියා...රෑ එක හමාර පහු වෙනකන් දැල්වුන රෂීගෙ කාමරේ විදුලි පහන නිවිලා ගියත් රෂී බැල්කනි එකට වෙලා සි ගරට් එකකින් සැනසෙන්න උත්සාහා කලා....

කියාරා යන්න ගිහින් දැන් මාසයක්....එදා රෂීගෙන් ඈත් වුනාට පස්සෙ කියාරාගෙන් කෝල් එකක් ආවෙ නෑ...ඒත් නිව්ස් වල ලොකු අකුරින් ගියපු සිරස්තල රෂීට තේරුම් කලා ඒ කෝල් එක ආවෙ නැත්තෙ ඒක ආයෙ එන්නෙ නැති නිසා කියලා...

මහ රෑ වෙනකන් ඇස් මහන්සි කර කර හිත මහන්සි කර කර කඳුලු නාස්ති කර කර කොච්චර වෙහෙසුනත් තේරුමක් නෑ....ආයෙ එන්නෙ නැති අතීතය ලස්සන වගේම වේදනාකාරී මතකයක් විතරයි කියලා රෂී තමන්ටම තේරුම් කරන්න හැම තත්පරේකම උත්සාහ කලා...ඒත් හිත , එයා අකීකරුයි.....දුවන්නෙම මිරිඟුවක් පස්සෙ....ඉතින් රෂී නැවතිලා...අහිමි වුන ආදරයක් ලඟ....

සිගරට් දුම පෙනහලු පුරවද්දි රෂීගෙ කන් ඇතුලෙ දෝංකාර දෙන වචන රෂීට වදයක්.....සිගරට් එක එතනම තියලා රෂී පහළට ආවා...

"ව්‍යාපාරික, රොහාන් අතපත්තු මහතාගෙ දියණිය වන කියාරා ශෙනාදි අතපත්තු,ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වන එමරල්ඩ් හොටෙල් සමූහයේ අධිපති නෙහාන් වනිගසූරිය මහතා සමග විවාහ ගිවිස ගනියි...."

බියර් දෙකක් අරන් හිමින් හිමින් හිස් කරන්න ගත්ත රෂී ටික ටික දැනෙන මත් බවත් එක්ක ගැඹුරු නින්දකට අවතීර්ණ වුනා...හැමදාම වගේ අදත් බැල්කනියෙ පුටුව උඩ සීතලේම රෂී නින්දට වැටුනා....
______________________________________

"ඉතින් එයාට ආයෙ කියාරාව මුණ ගැහුන් නැද්ද...?"

"නෑ සහී...එයා තනි වෙලා දැන් අවුරුදු හයක්.."

"එයා අඬනවද..?"

"නෑ.."

"අඬන් නැතුව ඉන්න පුලුවන්ද?"

"එයා ඉන්නවා ඉතින්..."

"පව්...ඒත් එයාට දුක ඇති ගොඩක්..."

"හ්ම්...ඒත් ඔයා සහී,දුකයි නම් අඬන්න ඕන හරිද... මං ලඟට ඇවිත් ඕනි තරම් අඬන්න...අඬන් නැතුව ඉන්නෙපා...."

the twins with double trouble✓✓ [Completed]Onde histórias criam vida. Descubra agora