20th trouble

306 60 3
                                    

"මේ ඉන්නෙ මගේ පුතාගෙ බාල දුව අහසි...එයා ඒ ලෙවල් කරන්නෙ මෙහෙ කොලේජ් එකක මිසිස් ෆර්නෑන්ඩෝ...."

රාණි ඇන්ටි බාගෙට හිනා වෙන ගමන් කියන හැටි රෂී සෝ ඩන් ෆේස් එකක් හදාගෙන බලන් හිටියා...අහසි දත් තිස් දෙකම එළියට දාන් හුරතලේට හිනා වෙනවා ..ටික වෙලාවකින් අහසි හිටියෙ නෂීගෙ කාමරේ...ඒ විතරක් නෙවෙ මිසිස් ෆර්නෑන්ඩෝ වයි පොඩ්ඩවයිත් ගානට අල්ල ගත්ත පුංචි කරදරකාරිට සතියක් යද්දි රෂීගෙ කාමරේටත් මූණ ඔබලා බලන්න අමාරු වුනේ නෑ..

"යා මට ඇන්ටි කියන්නෙපා අහසි..."

කාමරේට ආවා මදිවට තමන්ට ඇන්ටි කිය කිය කතා කරන්න ගත්ත එක රෂීව පුදුම කරා..

"ඔයා ඇන්ටි තමා...හැන්ඩ්සම් ආන්ටි කෙනෙක්..."

"කේකුයි මාලු හොදියි වගේනෙ බං ඒක.."

"කමන් නෑ ඒම හොඳයි..."

"ඔයාගෙ කැමැත්තක් ඉතිම්.."

"මං හිතුවෙ ඔයා නපුරු කෙනෙක් කියලා.."

"මොකක්..?"

"ඔව් ඔයාව මුලින්ම දකිද්දි එහෙමයි හිතුනෙ..."

"පිස්සු කෙල්ල..."

"ඔයා හරි ශෝක් අනේ.."

රෂීගෙ අතක එතෙන පොඩි එකී දිහා රෂී ඇස් තඩි සයිස් කරන් බැලුවා...

"යා ළඟට එන්නෙපා..අහකට යනවා..."

"මොකද අනේ මං ඔයාව කන්නෙ නෑ..."

තමන්ගෙ පස්සෙන් එලවන පොඩි ජීවියට බයේ රෂී කාමරේ පුරාම දිව්වා..

රෂීගෙ පුංචි අසල්වාසියා හිතුවටත් වඩා ඉක්මනට රෂී එක්ක හිතවත් වුනා..රෂී එක්ක බීච් යන්න පුරුදු වුන පොඩි එකී නිසා රෂීගෙ හිතේ තිබ්බ හිස් බව නැති වෙන ගතියක් රෂීට දැනුනා..
______________________________________

" කියාරා නේද...?"

බීච් එක ළඟ කොට තාප්පෙ අයිනෙ ඩෙක්ස්ට එක්ක හුරතල් වෙන කෙල්ල ළඟට ඇවිදන් ගිය රෂී ප්‍රශ්න කරා...

"ඔව් රෂී...."

ආපස්සට ලස්සනට හිනාවුන කියාරා කියද්දි රෂී මොහොතකට ඒ හිනාව ඇතුළෙ හිර වුනා...මොන තරම් ලස්සනද...?

"හැමදාම කොහෙද යන්නෙ මේ...?"

"ආහ්...මං ලයිබ්‍රි යනවා හැමදාම හවස...."

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now